නොරොච්චෝලේ යථා තත්වයට – විදුලි කප්පාදුව අවසන්

0
125

නොරොච්චෝලේ තාප බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍ර යළි යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. මේ වනවිට එම ජනන යන්ත්‍රය මගින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර තිබේ.

මේ නිසා තවදුරටත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් හදිසියේ අක්‍රියවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ විනාඩි 30 – 45 අතර කාලය බැගින් විදුලි කප්පාදු සිදු කෙරිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here