Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
බොරිස් ජොන්සන්ගේ ඉන්දිය සංචාරයයේදී විස්කි කර්මාන්තය ඇතුලු නව ආයෝජන අවස්ථා පිළිබද සාකච්ඡා
විදෙස්
CN
-
April 26, 2022
ස්කොට්ලන්තයේ නිෂ්පාදිත ලෝක ප්‍රසිද්ධ විස්කි කර්මාන්තයට ඉන්දියාව තුල ඉහළ ඉල්ලුමක් පවති.ආනයනික මත්පැන් සඳහා 150% ක තීරුබදු පැනවීම නිසා ඉන්දියාවේ අලෙවි කරන සෑම ස්කොච් බෝතලයක්...
ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇ.ඩො.බි. 44කට මිලදී ගනියි
විදෙස්
CN
-
April 26, 2022
ලොව ප්රමුඛ පෙළේ ධනවතුන් ගෙන් එක් අයකු හා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකට...
හොන්ඩුරාස් හි හිටපු ජනාධිපති ඇමරිකාවට පිටුවහල් කරයි
විදෙස්
CN
-
April 26, 2022
එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන නියෝජිතයන් විසින් (US Drug Enforcement Administration agents)හොන්ඩුරාස් හි හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් නිව්යෝර්ක් වෙත රැගෙන ගොස් ඇති...
‘ප්රගතිශීලී’-IMF වාදයේ පසුබිම
විශේෂාංග
CN
-
April 26, 2022
රමිඳු පෙරේරා ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිරීමට නියමිත මැදිහත්වීම පිලිබඳ ප්‍රශ්න කරන විට, සිත්ගන්නා සුලු ලෙස, ප්රගතිශීලි හා වාමාංශික යැයි සැලකිය හැකි කොටස් වෙතින් ඊට විරෝධය පලවනු මේ දිනවල දක්නට ලැබේ. මේ විරෝධය බොහොම පුලුල්වර්ණාවලියකි. IMF යනු අප හුවා දක්වන තරම් 'බිල්ලෙක්' නොව, ප්‍රතිසංස්කරණය වු යහපත් ආයතනයක් බවට සමහරුන් කියාපාන අතර, තවත් ඇතැමුන් නගන තර්කය වන්නේ IMF නරක විය හැක නමුත්, අපට ඊට විකල්පයක් තිබේද යන්නය. විකල්ප සෙවීම අප සැමගේකටයුත්තක් නොව, IMF විසඳුමෙහි ගැටලුව පෙන්වා දෙන අප කීප දෙනෙක්ගේ වගකීම වී ඇති සෙයකි. IMF සම්බන්ධ විවේචනයන්ට මෙම දෙපිරිසම දක්වන අකමැත්ත, 'ප්රගතිශීලී' (කොමා තුල) IMFවාදය ලෙස අපි හඳුන්වමු. අනෙක් සියලු කරුණුවලදී 'ප්රගතිශීලී' වන මේඅය, නව ලිබරල් ගෝලීයකරණය සම්න්ධ කරුණේ දී එක්කෝ දෙකට වැනෙති, නැතිනම් ඊට අනුමැතිය පල කරති. ඇයි අපි IMF විසඳුමක් නොවේ කියා කියන්නේ? ජා.මූ, අරමුදල විසින් පනවන කප්පාදු කොන්දේසි නිසා සමාජයේ පහල පාන්තික ජන කොටස් මත ඇති වෙන පීඩනය ඒ සඳහා බලපාන එක හේතුවකි. හැබැයි IMF හි ප්රශ්නය සමාජ සාධාරණත්වය පිලිබඳ ප්‍රශ්නයක් පමණක්නොවේ. ජා.මූ. අරමුදලේ කොන්දේසි නිසා දැඩි ලෙස පීඩාවට පත්වූ රටක් වූ ග්‍රීසියේ, 2015 දී බලයට පත්වූ වාමාංශික සිරිසා පක්ෂයේ ආණ්ඩුවේ මුදල් ඇමති වූ යානිස් වරුෆාකිස් IMF හි ප්රශ්නය කුමක්දැ'යි පැහැදිලිව විස්තර කොට තිබේ ; ජා.මූ අරමුදල යෝජනා කරනකප්පාදු පිලිවෙත් (austerity measures) වල අවසාන ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය සංකෝචනය වීමය. ආර්ථික අවපාත සමයක දී පෞද්ගලික අංශය ආයෝජන කටයුතු සඳහා යොමු නොවේ. ඒ ඔවුන්ට ලැබෙන ලාභය අඩු බවට වූ තක්සේරුව මතය. මේ නිසා කල යුතුවන්නේ රජය වැඩියෙන් මැදිහත් වී රාජ්‍ය වියදම් වැඩි කිරිම හරහා ආර්ථික වර්ධනය උද්දීපනය කිරීමය. ඊට ප්රතිමුඛ ලෙස, ජා.මූ. අරමුදල අණ කරන්නේ රජයට සිය වියදම් කපා හරින ලෙසටය. අවපාත සමයක පෞද්ගලික අංශය ආයෝජන කටයුතු නොකරන පසුබිමක් තුල, රජයත් සිය වියදම් කප්පාදු කලහොත් එහි ප්‍රතිඵලය වන්නේ ආර්ථික වර්ධනය ඇණ හිට, ආර්ථිකය සංකෝචනය වීමය. මෙලෙස සංකෝචනය වන ආර්ථිකයකට තම ණය ගෙවීම සිදු කල නොහේ. IMF වට්ටෝරුව විසඳුමක් නොව, ප්රශ්නය තවත් පැටලවීමක් බවට වරුෆාකිස්බඳු අය තර්ක කරන්නේ එම පදනම මතය. IMF භුමිකාවේ මෙම ගැටලු සහගත ස්වරූපය පිලිබඳ සැලකිය යුතු විවේචනයක් අපගේ ප්රගතිශීලී කව අතර දක්නට නොලැබෙන්නේ ඇයි? ඒ සඳහා බලපාන හේතු දෙකක් තිබේ යැයි අපි යෝජනා කරමු. පලමුවැන්න, රාජපක්ෂ විරෝධය අධිනිශ්චය වීමය. 2005 න් පසුව, ලංකාවේ දකුණේ දේශපාලනය තීරණය කලේ රාජපක්ෂවාදය විසිනි. රාජපක්ෂවාදයේ ලක්ෂණය වූයේ සිංහල ස්වෝත්තමවාදය බටහිර විරෝධය සමග සන්ධිකරණය කිරීමය. මේ නිසා, ප්රකාශිතව, බටහිරඅධිරාජ්යවාදයට හා එහි ඒජන්තයන් වන ලෝක බැංකුව, ජා.මූ. අරමුදල බඳු ආයතන කෙරෙහි විරෝධයක් නඩත්තු කිරීම රාජපක්ෂවාදය විසින් දිගටම කරගෙන ගියේය. මෙය වඩාත් ප්රකාශමාන ලෙස ප්‍රකාශයට පත් කලේ විමල් වීරවංශ විසිනි. රාජපක්ෂවාදය සිංහල ජාතිවාදීවූ නිසා, අප සමාජයේ බොහෝ වාම ප්රගතිශීලී කොටස් ජාතිවාදයට විරුද්ධ වීම යන පදනම මත රාජපක්ෂවාදයට එරෙහි විය. මෙම ගමනේ එක් ප්‍රතිඵලයක් වූයේ දේශපාලන-ආර්ථිකය සම්බන්ධ විවේචනය ද්විතීක වී, ජාතිවාද විරෝධය ප්රමුඛ වීමය. මෙහි සටහන් කිරීමට ඉඩනොමැති විවිධ වූ හේතු නිසා, රාජපක්ෂවාදය බටහිර අධිරාජ්‍යවාදී රටවල් සමග යම් ආතතියක් ගොඩ නගා ගත්තේය. එහිදී මෙම අධිරාජ්‍යවාදී රටවල් රාජපක්ෂට විරුද්ධ යම් යම් අදහස් පල කරන්ට පටන් ගත්තේය. රාජපක්ෂවාදයේ බලපෑම නිසා දකුණු ලංකාව තුලආන්තිකකරණයට ලක්වූ ඇතැම් පූර්ව-ප්රගතිශිලී කොටස්වලට මෙම අධිරාජ්‍යවාදී රටවල බලපෑම 'හොඳ' දෙයක් ලෙස පෙනී යන්ට පටන් ගත්තේය. රාජපක්ෂට විරුද්ධ වේ නම්, යක්ෂයා සමග වුව එකතු වීමේ වරදක් නොමැති බවට වූ මනෝභාවයක් නිර්මාණය වීම ආරම්භවිය. මෙය අවසාන වූයේ රාජපක්ෂවාදයට එරෙහි වීමේ නාමයෙන්, බටහිර රටවල අධිරාජ්‍යවාදය ගැන වූ විවේචනය මුලුමනින්ම සම්මුතිගත කිරීම තුලය. රාජපක්ෂට වඩා IMF හොඳ බවට සිතන්ට පටන් ගැනීම මෙහි තාර්කික අවසානයයි. දෙවන කරුණ ඉහත කී පලමුවැන්නේ දිගුවකි. 2005 න් පසුව, විශේෂයෙන් රාජපක්ෂවාදය ජයග්‍රහණයේ හිනි පෙත්තට පිවිසි 2010 ට පසුව, මෙරට අධිරාජ්‍ය විරෝධී කතිකාවේ ඒකාධිකාරය සිංහල ජාතිකවාදීන් විසින් අත්පත් කරගත්තේය. ඔවුන අතිශය ජඩ ලෙසකට, අධිරාජ්‍යවිරෝධී මනෝභාවයන් සුලු ජාතික විරෝධී මනෝභාවයන් සමග එකට සන්ධිකරණය කිරීමට සමත් විය. ජනතා විමුක්ති පෙරමුණ බඳු බලවේග එතෙක් යොදාගත් අධිරාජ්‍ය විරොධී කතිකාව, සිංහල ජාතිකවාදය විසින් හා රාජපක්ෂවාදය විසින් තම වාසියට යොදාගැනීමේප්රතිඵලය වූයේ අධිරාජ්‍ය විරෝධී කතිකාවෙන් ජවිපෙ බඳු බලවේග ක්‍රමයෙන් ඈත් වීමය. 2010ට පලමුව, ජවිපෙ බඳු පක්ෂයක් ජා.මූ .අරමුදල ගැන කරන විස්තරයක් අප නැවත කියවුවහොත්, එහි කිසිදු වැනිල්ලක් නැත. එම ආයතනයේ ගැටලුව කුමක්දැ'යි අතිශය පැහැදිලිවඑම ලියැවිලිවල විස්තර වේ. ජවිපෙ නොවන වම සම්බන්ධවත් එය එසේය. එහෙම නම්, දැන් මේ දෙගිඩියාවට හේතුව කිම? IMF, ලෝක බැංකුව ආදී ආයතන විසින් පවත්වා ගෙන යන ලෝක ආධිපත්‍යයට විරුද්ධ වීම විමල් වීරවංශ බඳු සිංහල ජාතිකවාදීන් ඕලාරික ලෙස තම ඒකාධිකාරය බවට පත්කරගෙන තිබෙන නිසා, එම සටන් පාඨ එලෙසමගැනීමේ මැලිකමක් මෙම බලවේග විසින් පෙන්නුම් කරයි. මේ නිසා සිදුව තිබෙන්නේ එම සටන් පෙරමුණ තනිකරම සිංහල ජාතිකවාදය වෙත ලියා දීමකි. මෙය ප්‍රබල ලෙස ප්‍රකාශයට පත්වූයේ පසුගිය ජනාධිපතිවරණය අද්දර කරලියට ආ MCC ගිවිසුම කාලයේය. මෙමගිවිසුමට අතිශය බොලඳ හා ආන්තික කරුණු මත සිංහල ජාතිවාදීන් විරෝධය දැක්වීය. මෙම විරෝධය සමග අනන්‍ය වේදැ'යි යන සැකය නිසා වාමාංශය ඒ පිලිබඳ විවේචනය පල කලේ බෙහෙවින් පරිස්සම් සහගතවය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ, MCC විරෝධී කතිකාවජාතිකවාදීන්ගේ අධිකාරයට නතු වීමය. ජාතිකවාදීන් අධිරාජ්‍ය විරෝධී ව්‍යාජෝක්තීන් භාවිතා කිරීම හා ඊට මුහුණ දී ගත නොහී වාමාංශයේ ඇතැම් කොටස් එහි ප්රතිවරුද්ධ අන්තය වෙත, එනම් අධිරාජ්‍යවාදය යනුවෙන් යමක් නැතැ'යි සිතන තැනට තල්ලු වීම නිසාය, වත්මන් විකෘතිය ඇති වී තිබෙන්නේ. මේ නිසාප්රගතිශීලී යැයි පෙනී සිටින අය වෙත, IMF සංවිධානය ගෝලීය මූල්‍ය ප්රාග්ධනයේ ඒජනත්යෙක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද, ඔවුන් නිර්දේශ කරන නව සම්භාව්‍ය ආර්ථික විද්‍යා ප්‍රතිපත්ති සංවර්ධනය වෙන රටවලට නරක වන්නේ කෙසේද ආදී ලෙස විවේචක ගෝලීයකරණසම්ප්රදායේ හෝඩිපොත මතක් කර දීමේ ඉරණමකට කිහිප දෙනෙක්ට උර දීමට සිදුව තිබේ. 2005 ට පසුව සිදුවූ රාජපක්ෂවාදයේ හෙජමොනිකකරණය තුල, දේශපාලන කඳවුරුවල බල රේඛා මෙලෙස යලි නිර්වචනය වීම, මේ සම්බන්ධ උනන්දු අයගේ අධ්‍යයනයට විෂය විය යුතු සිත්ගන්නා සුලු සිදුවීමකි.
අගමැතිකමෙන් මාව පන්නලා ඡන්ද දිනන හැටි බලමු ! – මහින්ද කියයි
කටකතා
RN
-
April 26, 2022
තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ දරණ කිසිවෙකුටත් මීළඟ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමීපතමයින් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.
1
...
7,110
7,111
7,112
...
7,663
Page 7,111 of 7,663
Popular
මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)
ASK
-
September 19, 2025
තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම
පුවත්
September 19, 2025
0
2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇත්තේ නීත්‍යානුකූලවයි – අල්ලස් කොමිසමෙන් නිවේදනයක් !
දේශපාලන පුවත්
September 19, 2025
0
අල්ලස් කොමිසමේ වත්මන් අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා 2014...
අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !
පුවත්
September 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...
හම්බන්තොට වාරයේ ටෙන්ඩර් වංචාවක් ගැන හිටපු ඇමති රෝහිතගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග!
පුවත්
September 19, 2025
0
කොළඹ LNW:ටෙන්ඩර කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ කඩා ඉවත් කළ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.