Tag: Sri Lanka

  • ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න – ජනපති අපේක්ෂකයින්ට පොලිසියෙන් උපදෙස්

    ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න – ජනපති අපේක්ෂකයින්ට පොලිසියෙන් උපදෙස්

    රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

    2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ට ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව, දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලීසිය උපදෙස් ලබා දී තිබේ.

    පොලිසිය කියා සිටියේ අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැස්වීම්වලට පොලීසිය දැඩි ආරක්ෂාව යොදා තිබුණද අපේක්ෂකයන් වේදිකාවට පිවිසීමේදී සහ නික්ම යාමේදී ආධාරකරුවන් පිරිවරාගෙන කටයුතු කිරීම තුළ පවතින දැඩි අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවයි.

    පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, කළුවර ස්ථානවල රැස්වීම් පැවැත්වීම මඟින් ආරක්ෂක අංශ අසීරු තත්වයකට පත්ව සිටින බවයි . මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වාර්තාවක් දෛනිකව ලබා ගැනීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

  • ජනතා අභිලාෂයන් නියෝජනය කරන එකම විකල්පය අනුර – නිර්මාල් රංජිත් දේවසිරි

    ජනතා අභිලාෂයන් නියෝජනය කරන එකම විකල්පය අනුර – නිර්මාල් රංජිත් දේවසිරි

    කොළඹ LNW:ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණ වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරු විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.

    අනුර දිසානායක මහතාගේ නියෝජනය යනු සමස්ත බහුජන ව්‍යාපාරය බවයි දේවසිරි මහතා සඳහන් කළේ.

    මෙහිදී සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය සහ මාලිමාව අතර වෙනස තේරුම් ගැනීමට නම් සංසන්දනය කළ යුත්තේ, හර්ෂ ද සිල්වා සහ මාලිමාව බවද ඔහු පෙන්වාදුන්නේය.

    ”සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ගැන සැලකිල්ලෙන් බැලුවාම මාලිමාව නියෝජනය කරන ප්‍රතිසංස්කරණවාදී ඉලක්ක සහිත අපේක්‍ෂකයෙක් ලෙස සමාජයේ පහළම තීරුවේ ජනතාව සම්බන්ධයෙන් පෙනීසිටින්න උත්සාහ කරනවා. නමුත්, සජිත්ගේ පාර්ශ්වය සහ මාලිමාව අතර වෙනස තේරුම් ගන්න නම්, සංසන්දනය කළ යුත්තේ, හර්ෂ ද සිල්වා සහ මාලිමාවයි. ඒ කියන්නේ හර්ෂ ද සිල්වාගේ පෙනීසිටීම සහ සජිත් ප්‍රේමදාසගේ පෙනීසිටීම අතර මූලික වෙනසක් තිබෙනවා. සජිත් පාර්ශ්වයේ ප්‍රධාන ආර්ථික චින්තකයා හර්ෂ ද සිල්වා. ඔහුගේ ප්‍රතිපත්තිමය නැඹුරුව රනිල් වික්‍රමසිංහයි. පදනමින් ගත්තාම වෙනසක් නැහැ. ඔහු ප්‍රකාශ කරන්නේ, “මාලිමාව ආවොත්, අයි.එම්.එෆ්. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා” කියලා. ඔහු පුන පුනා කියන්නේ අයි.එම්.එෆ්. ප්‍රවේශය නියෝජනය කරන්නේ සමඟි ජන බලවේගය බවයි. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් කියන්නෙත් ඒකයි. ඒ අනුව මාලිමාවේ ආර්ථික චින්තනය සහ හර්ෂ ද සිල්වාගේ ආර්ථික චින්තනය අතර වෙනසක් මිස එළිපිට පෙනෙන ආකාරයෙන් සජිත් සහ අනුර අතර තරගයක් නැහැ. මෙතෙක් කල් ලංකාව අනුගමනය කළ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අධිපති ක්‍රමය බව අපි දන්නවා. එහි දිගුවක් රනිල් වික්‍රමසිංහ පැහැදිලිව නියෝජනය කරන අතර, විකල්පයක් ලෙස පෙනීසිටින්න උත්සාහ කළත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන්නෙත් එයමයි. පසුගිය කාලයේ අන්ත දූෂිත දේශපාලනය නියෝජනය කළ පිරිස රනිල් සහ සජිත් අතර බෙදී ගොස් සිටිනවා.

    මේ තත්ත්වය තුළ ජනතා කේන්ද්‍රීයව සලකා බැලුවාම 2022 අරගලයෙන් ඉල්ලා සිටි ක්‍රම වෙනස නියෝජනය කළ විශාල ජනතාවක් ඉන්නවා. ක්‍රම වෙනස කියන්නේ මූලික වශයෙන් ගත්තාම ජනතාව බලාපොරොත්තු වන්නේ දූෂිත ක්‍රමය අවසන් කර දූෂිත දේශපාලනයෙන් බැහැර වීමයි. ඒ ක්‍රම වෙනස සාක්‍ෂාත් කර ගැනීම සඳහා තෝරාගෙන තිබෙන දේශපාලන බලවේගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටිය යුතු බව සෘජුවම ප්‍රකාශ කරනවා. එයින් නියෝජනය කරන්නේ මාලිමාවේ සමස්ත බහුජන ව්‍යාපාරයයි. මම ඒ මතය නියෝජනය කරන සහ ක්‍රියාකාරීව මැදිහත් වන පුද්ගලයෙක්.” යනුවෙන් නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරන ලදී.

    ආශිකා බ්‍රාහ්මණ

  • ඉසිත වාසිදායක තැනකට ශ්‍රී ලංකාව රැඟෙන යයි

    ඉසිත වාසිදායක තැනකට ශ්‍රී ලංකාව රැඟෙන යයි

    සටහන – නිශ්මං රණසිංහ
    සැප්තැම්බර් 11, (LNW) කොළඹ :

    ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ අවසාන දිනය වන අද දවසේ ශ්‍රී ලංකාව කඩුලු 9 ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 140 ක් අවශ්‍යව සිටියි.පළමු ඉණිමේ දී දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු 372 ට පිළිතුරු ලෙස ලකුණු 323 ක් ලබා ගත් ශ්‍රී ලංකාව ලකුණු 49 ක් පිටුපසින් සිටියදී සිය දෙවන ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකාවට නොසිතූ විනාශයක් ළඟා කළ ඉසිත විජේසුන්ද ලකුණු ලකුණු 34 ට කඩුලු 7 ක් දවා ගනිමින්,දකුණු අප්‍රිකාවේ දෙවන ඉණිම ලකුණු 124 ට සීමා කරන්නට සමත් වුණා.


    පළමු ඉණිමේ දී පන්දුවෙන් දකුණු අප්‍රිකාවට බාධා කළ ඒෂාන් මාලිංග ද,ලකුණු 28 ට කඩුලු 2 ක් දවා ගනිමින් ඉසිතගේ උත්සාහයට දායක වුණා.නිශාන් පීරිස් ලකුණු 30 ට එක් කඩුල්ලක් ද එකතු කර ගැනීමට සමත් වූ අතර ටෙස්ට් ක්‍රීඩක චාමික ගුණසේකරට කඩුලු ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ.
    දකුණු අප්‍රිකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ බෙයර්ස් ස්වාන්පෝල් ලකුණු 38 ක් රැස් කළ අතර මාර්කස් එක්ර්මන් ලකුණු 27 ක් රැස් කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකාව ලකුණු 140 ක් පිටුපසින් ජයග්‍රහණය සොයා යන ගමනේ නැවතී සිටින්නේ ලහිරු උදාර ගේ (26) කඩුල්ල පමණක් අහිමි කර ගනිමින්.මේ වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටිනවා.තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
    https://es.pn/3XiawWa

  • “International club of DC” උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්!

    “International club of DC” උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්!

    අශෝක ජයතුංග

    සැප්‍තැම්බර් 11, වොෂින්ටන් LNW :

    ඇමෙරිකාවේ විවිධ සාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන "International  club of DC" විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය කළ සැදෑවකින් ශ්‍රී ලංකාවට විශාල සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක් ලැබිණ.

    එහිදී කතාකල තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ  ගස්වැල් මල් වලින් හා පිරිසිදු වාතයෙන් යුතු සමශීතෝෂ්ණ පරිසරය හා සෞඛ්‍ය සම්පන්න ප්‍රනීත ආහාර පාන භුක්ති විදීමට ඇමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරයට හා අපගේ දක්ෂ ශ්‍රම බලකායෙන් ප්‍රයෝජන ගනිමින් ආයෝජන ගෙනෙන ලෙස ද ආරාධනා කළේය.

    ” ශ්‍රී ලංකාවට අදාළ මේ පණිවිඩය ඔබේ සෙසු ඇමෙරිකානු ඥාතීන් හා මිතුරන් අතරටත් යවන්න. ඇමෙරිකාවට ඇත්තේ වසර 246 ක ඉතිහාසයක් වුණත් ලංකාවට වසර 2500 ක පෞඩ අතීතයක් තියෙනවා. පෘතුගීසීන් නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය අපේ රට වසර 450 ක් යටත් කරගෙන පාළනය කලා. ඒ කාලය තුළ අපේ බෞද්ධ භික්ෂූන් හා ජනතාව රටේ දේපොළ මෙන්ම අපේ සංස්කෘතිය හා උරුමයන් රැකගත්තා. ඒ පෞඩ ඉතිහාසයේ නටබුන් ලංකාවට පැමිණ නරඔන්න” තානාපති මහින්ද සමරසිංහ මහතා  ආරාධනා කළේය.

    ශ්‍රී ලංකාවේ බෙර වාදන නර්ථනාංග සංගීතය හා ගායනා ඇතුළු සංස්කෘතිකාංග රැසක් ද එහිදී ඉදිරිපත් කෙරිණ. සියලු දෙනාට ශ්‍රී ලංකාවේ උණුසුම් හා ශීතකල තේ වලට අමතරව ශ්‍රි ලංකාවේ ආහාර වලින් ද සංග්‍රහ කෙරිණ. ලංකාවේ පරිසරය වෙහෙර විහාර පැරණි නටබුන් සතුන් සිවුපාවුන් හා ලෝක උරුම 08 හා සැතපුම් 800 ක මනරම් මුහුදු වෙරළ ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් ද තානාපති කාර්යාලය විසින් සංවිධානය කොට තිබිණ.

  • (VIDEO) ඉඟියක්, ජනපති කවුද?නිහඬයි ඒත් වැඩ කරන නායකයාට ජනතා ප්‍රසාදය,උතුර දකුණ සියල්ලම සීරුවෙන්,තව දින 10යි. අද පුවත් 09/11

    (VIDEO) ඉඟියක්, ජනපති කවුද?නිහඬයි ඒත් වැඩ කරන නායකයාට ජනතා ප්‍රසාදය,උතුර දකුණ සියල්ලම සීරුවෙන්,තව දින 10යි. අද පුවත් 09/11

    රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

    රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් සිදුවන්නේ යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

    සහනාධාර මතම යැපෙන සමාජයක් වෙනුවට රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්වශක්තියෙන් නැගී සිටිය හැකි සමාජයක් නිර්මාණය කිරිමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි

    නරඹන්න උදෑසන පුවත් (09/11)……

  • අපි කවුරුද සොයා සේනක නික්ම යයි !

    අපි කවුරුද සොයා සේනක නික්ම යයි !

    සටහන – රුවන් නෙළුගොල්ල

    ශ්‍රී ලාංකික ගීත රසිකයින් අතර මහත් ජනාදරයට පත්වූ ගීත කිහිපයක්ම නිර්මාණය කළ ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඒ මහතා 66 වැනි වියේ පසුවිය.

    අසනීප තත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (11) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

    අපි කවුරුද, අපි සැනසිල්ලේ, අනන්තයට යනවාමයි, හීනවලට පණක් තියෙනවා, රස්තා, සිහින මවන්නැති යනාදී ගීත රැසක්ම ඒ මහතා විසින් නිර්මාණය කර තිබිණි.

    RN

  • කාම්බෝජය දඬුවම් පහරින් දඩුවම් ලබයි

    කාම්බෝජය දඬුවම් පහරින් දඩුවම් ලබයි

    සටහන – නිශ්මං රණසිංහ
    සැප්තැම්බර් 11, (LNW) කොළඹ :

    ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර 2027 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම සඳහා පැවත් වූ දෙවන තරගයේ ජය අත් කර ගන්නට ශ්‍රී ලංකාව සමත් විය.දඩුවම් පහර දක්වා දිගු වුණු කරට කර පැවති තරගයේ දී සුජාන් පෙරේරාගේ දෑතින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ ගෝල ප්‍රහාර දෙකක්ම නිශ්ක්‍රීය වීමෙන් ඉනික්බිති දඩුවම් පහර හතරක් නිමා වන විට ශ්‍රී ලංකාව 4- 2ක් ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් විය.ඒ නිසා පස්වන දඩුවම් පහර යුගලය අත්හදා නොබලාම ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමි විය.


    තරගයේ පළමු අර්ධය නිමා වන විය පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.ඒ ඔලිවර් කෙලාර්ට්ගේ පාදයෙන් එකතු වුණ ගෝලයකින්ය.1-0 ක් ලෙස පළමු අර්ධය නිමා කර ද තරගයේ සමස්ත කාලය නිමා වන විට කාම්බෝජය යළිත් කරට කර සිටිමින් තරගයේ සමස්ත කාලය 1-1 ක් ලෙස අවසන් කරන්නට සමත් විය.


    තරගයේ අතිරේක කාලයේ දී පළමු ගෝලය එකතු කර ගැනීමට සමත් වූයේ කාම්බෝජය ය.ඒ තත්ත්වය රැක ගනිමින් සම්පූර්ණ අතිරේක විනාඩි 30 ගෙවෙන තෙක්ම තරගයේ රැදී සිටින්නට කාම්බෝජය විශාල උත්සාහයක් ගනිමින් සිය ආරක්ෂක පෙළ හරහා ශ්‍රී ලංකා ආක්‍රමණයට තිත තබන්නට විශාල උත්සාහයක් ගත්තත,තරගයේ අවසන් තත්පර කිහිපයේ දී එය නිශ්පල විය.ගෝල හරස් චණ්ඩේ වැදී නැවත එන පන්දුව නොවැරදී දැළ තුළ පතිත කරවන්නට ක්ලෝඩියෝ කැමර්ක්නෙච්ට් ට හැකි විය.


    ඒ අනුව තරගයේ ඉරණම විසදීම ශ්‍රී ලාංකේය දැල් රකින්නා වන සුජාන්ගේ දෑතටත්,කාම්බෝජ දැල් රකින ධාරාගේ දෑතටත් පැවරිණ.සුජාන් අතින් එහි වගකීම ඉටු වුවත්,ධාරාගේ දෑතින් රිංගා යන්නට හැකි වන සේ සිය දඩුවම් පහර නිසි පරිදි යොමු කරන්නට ජැක් හිංගිට්,සැමුවෙල් ඩුරාන්ට්,ඔලිවර් කෙලාර්ට් සහ ලියොන් පෙරේරා සමත් වූහ.ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරිම් හී ශ්‍රී ලංකාවට වඩා කණ්ඩායම් විසි ගණනක් ඉදිරියේ 180 වන ස්ථානයේ රැඳෙන කාම්බෝජයට එරෙහිව ලැබූ මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණෙනු ඇත.


    මේ තරගයේ දී අවසාන තීරණය සඳහා සුජාන් පෙරේරාගේ සුරක්ෂිත දෑත හේතු වුව ද,ඔහුටත් වැරදුණු මොහොතවල සිය කාර්යය නිවැරදිව ඉටු කළ ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ කැපී පෙණින.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙස ශ්‍රේණිගත කිරීම් හී ස්ථානය නොසළකා බලන විට කාම්බෝජයට වඩා ඉහළ මට්ටමක කණ්ඩායමක් ලෙස පෙනෙන්නේය.පන්දු පාලනයේ සිටි යොමු කිරීම් සහ වේගවත් බවත් සළකද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාවන් තන දුරටත් වැඩි කාලයක් එක් කොට රඳවා තබා ගැනීමේ සහ එය ශ්‍රී ලංකාවේ වැඩි පාපන්දු ක්‍රීඩකයින් පිරිසක් අතර හුවමාරු වන සේ බෙදී යාමේ අවශ්‍යයතාවය අපි තව දුරටත් දකින්නෙමු.


    ශ්‍රී ලංකාවේ පාපන්දු ඉතා ඉක්මණින් ආසියානු මට්ටමෙන් ඉදිරියට ගෙන ඒම සඳහා විවර වී තිබෙන මේ ජයග්‍රාහී දොරටුව ශක්තිමත් කරන පෙළ ගැස්ම,රටට වඩාත් පලදායි ලෙස භාවිතයට ගැනීම ශ්‍රී ලංකා පාපන්දුවේ වගකීමය.
    ශ්‍රී ලංකාව ලද මෙම ඓතිහාසික ජයග්‍රහණය නැරඹීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් දුන් සජීවී දසුන් හරහා ඔබටත් විඳින්නට අවස්ථාව ඇත.ඒ සඳහා පිවිසෙන්න. https://www.youtube.com/watch?v=MndLJuAz5IU

  • “පුංචි මිනිස්සුන්ගෙම මිනිසා …. ” – සජිත්ගේ ඡන්ද ව්‍යාපාරයට තවත් ගීතයක්

    “පුංචි මිනිස්සුන්ගෙම මිනිසා …. ” – සජිත්ගේ ඡන්ද ව්‍යාපාරයට තවත් ගීතයක්

    සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් තවත් ගීතයක් එළිදක්වා තිබේ.

    **********

    පුංචි කඳුළු බිඳුවක මහ බරක් දැනෙන මිනිසා
    පුංචි සිනා රැල්ලක මහ ලස්සන දුටු මිනිසා
    පුංචි පුංචි දේ තුළ මහ මහිම දකින මිනිසා
    පුංචි මිනිස්සුන් ගැන කැක්කුමක් තියෙන මිනිසා
    පුංචි මිනිස්සුන්ගෙම මිනිසා ….

    දෙරණක් විඳි දුක් කඳ නිම නෑ
    සරණක් නෑ දිවි රැකුමක් නෑ
    කුසගිනි ලිපගිනි අවුළා උන්හිටි තැන් මඟ අවුරා
    පෙළූ සමය යළි එන්නේ නෑ

    මිතුරන් මිස සතුරු කැළක් නෑ
    තනියෙන් ජය ලබන ගමන් නෑ
    රැවටිලි මගඩි ද වංචා නොපනත්කම් හැම වනසා
    ජය ටැඹ දකිනා දින දුර නෑ

    RN

  • තැපැල් ඡන්දයට අද සහ හෙටත් ඉඩ

    තැපැල් ඡන්දයට අද සහ හෙටත් ඉඩ

    සටහන – රුවන් නෙළුගොල්ල

    මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දින දෙකේදී හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඒ අනුව, තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ, පසුගිය සැප්තැම්බර් 04, 05, 06 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ සියලුම රජයේ සේවකයින්ට මේ දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැක.

    තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලැබී ඇත.

    මේ දින දෙකේදීත් තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වුවහොත් තැපැල් ඡන්දය සඳහා ලියාපදිංචි වූවන්ට නැවත වෙනත් දිනයක් ලබාදීමක් සිදු නොකෙරෙන අතර ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වනදා හෝ ඡන්දය භාවිතා කිරීමට නොහැකි වේ.

  • ජාජබ නීතීඥ සමුළුවට රෝහිණී මාරසිංහ ගෙන්වීම ගැන ඇතුළෙන්ම දැඩි විරෝධයක් !

    ජාජබ නීතීඥ සමුළුවට රෝහිණී මාරසිංහ ගෙන්වීම ගැන ඇතුළෙන්ම දැඩි විරෝධයක් !

    පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ නීතීඥ සමුළුවේ ප්‍රධාන දේශකයකු වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සම්බන්ධ කරගැනීම ගැන පක්ෂය තුළින්ම දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

    රෝහිණී මාරසිංහ යනු රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයගහ නම් පුද්ගලයාව ජනාධිපති සමාව මත නිදහස් කරන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කළ ප්‍රධාන චරිතයකි. ජනාධිපති සමාව ලබා නිදහස ලද සැණින් අදාළ පුද්ගලයා රටින් පළාගිය අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුට ජනාධිපති සමාව ලබාදීම සිදුකර ඇති ආකාරය නීතිවිරෝධී බව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබිණි. ඒ අනුව ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළත් ඔහු ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයෙහි අවසන් දින කිහිපයේදී මෙසේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වන විත්තිකරුට මෙම ජනාධිපති සමාව ලබාදීමේ සිද්ධිය සමාජය තුළ තවමත් දැඩි විවේචනයට ලක්වන්නකි. ඒ අනුව රෝහිණී මාරසිංහත් එම දූෂිත ක්‍රියාදාමයේ ප්‍රබල පුරුකකි.

    එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට අභියාචනාධිකරණයේ සභාපතිවරයාව සිටි විනිසුරුවරයා මඟහරිමින් ඊට පහළින් සිටි රෝහිණී මාරසිංහ මහත්මියව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වශයෙන් පත්කිරීම පිළිබඳව ද නීති ක්ෂේත්‍රය තුළ ඒ සමයේ දැඩි විවේචනයක් මතුව තිබිණි.

    එවන් වූ රෝහිණී මාරසිංහව ජාජබ නීතීඥ සමුළුවට සම්බන්ධ කරගෙන ඇත්තේ ජාජබ නීති වැඩකටයුතුවල ඉදිරියෙන්ම සිටින නීතීඥවරයකු විසින් බව සඳහන්.

    ඔහුගේ මෙම ක්‍රියාව පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් ඇතුළු පිරිසක් ඉතා තද විවේචනයක් ඔහුට එල්ල කර ඇති බවත් වාර්තා විය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජවිපෙ ජ්‍යේෂ්ඨයෙකු “අතේ ඇති ජයග්‍රහණය අනෙක් අයට පවරා දෙන මෙවන් පන්නයේ වැඩ මින් ඉදිරියට නොකරන ලෙස” අදාළ නීතීඥවරයාට තරයේ අවවාද කර ඇති බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසීය.

    RN