Tag: Lanka News Web

  • ජෝ බයිඩන් ඒ ඒ රටවලට ඒ ඒ හැන්ඳෙන් බෙදයි ; ඉරානය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක

    ජෝ බයිඩන් ඒ ඒ රටවලට ඒ ඒ හැන්ඳෙන් බෙදයි ; ඉරානය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක

    ජෝ බයිඩන්ගේ මැදපෙරදිග සංචාරයේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව ඇති මතභේදයන් නිරාකරණය කර ගැනීම හා කලාපීය වශයෙන් උපායමාර්ගිකව සංවිධානය වීමත්, බිඳී ඇති හොඳ හිත නැවත ඇති කර ගැනීමත් වෙනුවෙනි.

    බයිඩන් මහතා ඊශ්‍රායල සංචාරයේ දෙවන දිනයේ ඊශ්‍රායල අගමැති යායර් ලපිඩ් හමු විය. මෙහිදී වැඩි වශයෙන් ඉරාන න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බව ඉරානය අවධාරනය කළත් ඊශ්‍රායලය හා එක්සත් ජනපයද විසින් එය කලාපීය වශයෙන් ඇතිවිය හැකි තර්ජනයක් බවට විශ්වාස කරයි. මේ හේතුව නිසා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය ජාතික බලයේ සියලුම අංග භාවිතා කිරීමට සූදානම් බව බයිඩන් මෙහිදී දැඩි ස්ථාවරයක සිට පැහැදිළි කර ඇත.
    ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර රටවල් සමඟ අර්බුදයක පැටලී සිටියි. ඒ 2015 ජාත්‍යන්තර ගිවිසුමක් යටතේ පනවා ඇති සීමාවන් උල්ලංඝනය කිරීමත් සමඟය.

    ඉරානය දිගු කලක සිට ලෙබනනයේ බලවත් හිස්බුල්ලා ව්‍යාපාරයට සහ ගාසා තීරයේ පලස්තීන හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම්වලට අරමුදල්, පුහුණුව සහ ආයුධ සපයන බව එක්සත් ජනපදය හා ඊශ්‍රායලය දැඩිව විස්වාස කරයි.ඒ වැනි ත්‍රස්තවාදී සංවිධාන භාවිතා කිරීම ඇතුළුව ඉරානයේ ආක්‍රමණශීලී සහ අස්ථාවර ක්‍රියාකාරකම්වලට මුහුණ දීමට එක්සත් ජනපදය අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව උපාය මාර්ගිකව කටයුතු කරන බව ජෝ බයිඩන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

    බයිඩන් විසින් අද(15) දිනයේ බෙත්ලෙහෙම්හිදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සමඟ සාකච්ඡා පවත්වනු ඇත. පලස්තීනුවන්ට මෙහිදී අවශ්‍ය වන්නේ ඊශ්‍රායලය සමඟ නැවතත් ආරම්භ කිරීමත් 2019 දී වසා දමන ලද ජෙරුසලමේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලය නැවත විවෘත කර ගැනීමත් ය. මේ සම්බන්ධව අද දිනයේදී සාකච්ඡා වන බවත් එනමුත් එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වසා දැමීම ආපසු හැරවීමට තවමත් සූදානම් නැති බව ධවල මන්දිරය විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.

    මෙහිදී බෙහෝ විචාරකයන්ගේ අවධානයට ලක්ව ඇත්තේ බයිඩන්ගේ සවුදි අරාබි සංචාරයයි. 2018 දී තුර්කියේදී සෞදි විසංවාදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට චෝදනා කිරීමත් සමඟ දෙරට අතර හොඳ හිත පලුදු විය. මෙම සංචාරය මඟින් සල්මාන් කුමරු සමඟ සබඳතා යලි ආරම්භ කිරීමත් ඒවා දෙපාර්ශවයටම වාසිදායක දිශානතියකට ගෙන යාමටත් අපේක්ෂා කෙරේ.

    මෙම සංචාරය එක්සත් ජනපද නායකයෙකු මැද පෙරදිට ගිය මුල්ම අවස්ථාව වේ. මින් වැඩෙන සබඳතාව කුඩාවන මුත් එය දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගික සබඳතාවකට පදනමක් වනු ඇති බව දේශපාලන විශේෂඥයන් සඳහන් කර ඇත.

    සශිකලා මධුෂාණී_

  • අරගලකරුවන්ගේ ඉදිරිය ගැන පතිරණගෙන් බැරෑරුම් අනාවැකියක් …

    අරගලකරුවන්ගේ ඉදිරිය ගැන පතිරණගෙන් බැරෑරුම් අනාවැකියක් …

    අරගලකරුවන්ට ඉදිරියේදී “රාජ්‍යය යන්න එහි පරිසමාප්තියෙන් අභිමුඛ වීමට” නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

    ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

    මුල් වාක්‍ය දෙක කෙසේවෙතත් මෙහි අවසන් වාක්‍යය දේශපාලනිකව ගත් කළ සරල නැති බව අපේ හැඟීමයි …

    RN

  • රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට

    රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි සතියේදී මෙම පත්කිරීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    RN

  • අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකකම රනිල්ගෙන් පසු නන්දලාල් භාරගනී …

    අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකකම රනිල්ගෙන් පසු නන්දලාල් භාරගනී …

    ස්ථාවර ආණ්ඩුවක් නුදුරේදීම ඇති නොවුන හොත් රට වසා දැමීමකට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා ඇති බව BBC ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

    BBC හි Newsnight වැඩසටහනට ඔහු ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයක් ලබා ගැනීමේ ප්‍රගතිය රඳා පවතින්නේ ස්ථාවර පරිපාලනයක් තිබීම මත බවත් මේ වන විට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත හැකිද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇතිව පවතින බවත් ආර්ථික අර්බුදයක් හේතුවෙන් රට තුළ මහජන නොසන්සුන්තා ඇතිව තිබෙන බවත්ය.

    එසේම පවතින ආර්ථික කඩා වැටීම හේතුවෙන් සාමාන්‍ය මිනිසුන්ගේ ආහාර ඉන්ධන සහ අනෙකුත් මූලික සැපයුම්වල මිල මේ වන විට අහස උසට නැඟ ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකු අධිපති තනතුරට පත් ඔහු මෙහිදී වැඩිදුර පවසා ඇත්තේ ස්ථාවර පරිපාලනයක් නොමැතිව අත්‍යවශ්‍ය දෑ සපයන්නේ කෙසේද යන්න පිළිබඳව තමන්ට ඉදිරි මඟක් නොපෙනෙන බවයි.

    “අපට මේ මාසය අවසන් වන තුරු අවම වශයෙන් ඩීසල් නැව්ගත කිරීම් තුනක් සහ පෙට්‍රල් නැව්ගත කිරීම් එකක් හෝ දෙකක් සඳහා මුදල් යෙදවීමට අපට හැකි වී තිබෙනවා. මේ රටට අත්‍යවශ්‍යයි ඛනිජ තෙල් මූල්‍යකරණය කරන්න, එහෙම නොවුනොත් මුළු රටම වහලා දානවා වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකයි අපට ඕන තීරණ ගන්න පුළුවන් අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් … එහෙම නැතිවුණොත් ඔක්කොම මිනිස්සු දුක් විඳිනවා.” ඔහු පැවසීය.

    මේ වනවිට ( IMF)ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණයහිමියන් සමඟ අපගේ සාකච්ඡාවේ හොඳ ප්‍රගතියක් ලබා ගැනීමට නම් කොපමන කාලයකින් ස්ථාවර පාලනයක් ඇතිවේද යන්න දැඩිව බලපානු ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙවන දිනටත් ඇඳිරි නීතිය පනවා තිබේ. පවතින අර්බුදය වැරදි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා රාජපක්ෂ පාලනයට දොස් පවරන අතර මැයි මාසයේදී අගමැති වූ වික්‍රමසිංහ මහතා ගැටලුවේ කොටසක් ලෙස ද දකිති. මෙවැනි තත්වයක් තුළ ස්ථාවර රජයක් ස්ථාපිත වූ නමුත් මාස හතරක් හෝ පහක් යන විට කොතැනක හෝ නැවත අර්බුදයක් මතුවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.

    සාමාන්‍යයෙන් පසුගිය සතිවලදී “ඉදිරි සති දෙක අමාරුයි” යනාදී වශයෙන් අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශන සිදුකළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. දැන් එම කටයුත්ත මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවරාගෙන ඇති බවක් පෙනේ.

    සශිකලා මධුෂාණී_

  • අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට ?

    අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට ?

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වය එකඟවන අයෙකු අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් යෝජනා කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබිණි.

    ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම ඒ සඳහා යෝජනා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව පවතින නිසාත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කළහැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍ය තනතුරට පත්විය යුතු නිසාත් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

    දිනේෂ් ගුණවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග කොළඹ රාජකීය විද්‍යාලයේ එකට අධ්‍යාපනය ලැබූ පැරණිම මිතුරෙකු වේ.

    RN

  • පළමුව වැටුණේත් අපියි ! පළමුව නැගිටින්නේත් අපියි ! – රට බේරා ගැනීම සිදු විය යුත්තේ කෙසේද? – වෛද්‍ය ගාමිණී අභය

    පළමුව වැටුණේත් අපියි ! පළමුව නැගිටින්නේත් අපියි ! – රට බේරා ගැනීම සිදු විය යුත්තේ කෙසේද? – වෛද්‍ය ගාමිණී අභය

        මෙපමණ කලක් තමා තුළින් නිවන් දැක බුද්ධිමත් වීමේ ක්රමය පැහැදිලි කර දුන්නද, දේශපාලනය පිලිබඳ  දේවලට සම්බන්ධ නොවී රට වැටී ඇති භයානක හා  ඛේදවාචක තත්ත්වය  පිළිබඳව මගේ නිදහස් අදහස පැහැදිලි නොකළොත් එය වගකීම පැහැර හැරීමක් වෙන නිසා මෙවැන්නක් ලියන්නට අදහස් කෙරිණි. මට මෙන්ම දැනට රටේ සිටින සියලු දෙනාටම මේ ගැන අදහස් ඇත. මෙතෙක් කල් ඒ ගැන නොසිතූ අයට ද එවන්නක් ගැන විමසා බැලීමට සිදුවී ඇත. එසේ සිදු වී ඇත්තේ තම තමාට ජීවත්වීමට අවශ්යය  මූලික අත්යාවශ්ය සේවා අඩපණවී  වී හීන වී ඇති නිසාය.

        එය පටන් ගත්තේ කොවිඩ් වසන්ගතයෙන් පසුවය. ඊට පෙර රටේ ආර්ථිකය දුර්වලවී තිබුනත් යන්තම් හෝ අත්‍යාවශ්‍ය දේවල් සපයා ගැනීමට සමත් විය. එම සමයේදී රට වසා දමන්ට එපා යයි මම ගෝඨාට දැන්වීය. කොවිඩ් පාලන කල හැකි වෙනත් ක්‍රමයක්ද ඉදිරිපත් කළෙමි. එම ලිපිය මෙම වෙබ් අඩවියේ පළවිය. තැපැල් කරණ ලද ලිපියකින්ද ඔහුට දැනුම් දුනි. ජනපති උපදේශකයින්ටද දැන්වීය. රට වැසුවොත් ආර්ථිකය දුර්වලවී ඉදිරියේදී කෑමත් නැතිවන තත්වයකට රට වැටෙන බව ඔහුට දැන්වීය. ඒ අවුරුදු දෙකකට පෙරය. එහෙත් ඔහු එය නොසැලකුවේය. ප්‍රතිචාරයක්ද නොලැබුණි.

        වර්තමානයේ රටේ උදාවී ඇති  තත්ත්වයට වගකිව යුත්තෝ බොහෝය. ඒ අතරින් දේශපාලකයෝද දේශපාලන පක්ෂ ද තවදුරටත් සඳහන් කළ යුතු නැත. නමුත් බොහෝ දෙනාට අමතක වී ඇත්තේ හෝ නොසළකා ඇත්තේ මේ රටේ ඇති ප්රජාතන්ත්රවාදය නම් වූ ජනතාව උසිගන්වා, බැලූ බැල්මට අර්ථයෙන් ආකර්ෂණීය වූ නමුත් ප්රජා අයිතිවාසිකම් කඩා බිඳ දැමු යල්පැනපු ක්රමයක් දැන් පණ අදිමින් ක්‍රියාත්මක වෙන බවය. මෙම ප්රජාතන්ත්රවාදය ජන මන රවටා, ඔවුන්ගේ අභිලාෂයන් ඉටු නොකර, රට බංකොලොත් භාවයට පත් කළ, නමුත් මතුපිටින් හොඳ යැයි සිතෙන, සෑම දෙනා විසින්ම ආරක්ෂා කළ යුතු යැයි මොළ සෝදන ලද, නීති තිබුණ ද  පිළිනොපදින, රට ප්රපාතයට ඇද දැමූ දෙයක් බවට ඉතිහාස ගතවනු ඇත.

        ලංකාවේ පමණක් නොව දැන් ක්රියාත්මක වන හැටියට ප්රජාතන්ත්රවාදය තුළින් මුළු ලොවේම රටවල් දුර්වල වී ඇත.

    ප්රජාතන්ත්රවාදී පාලකයින් මූලික වශයෙන් හැසිරිය යුත්තේත්, තීරණ ගත යුත්තේත් සත්යය ප්රකාශ කරමින් හා අවංක භාවයෙන්ය. එය  අධ්යාපනයෙන් හා අධ්යාත්මයෙන් ලබාගන්නා දෙයකි. එවැනි අධ්යාපනයක් නො ලද අය පාර්ලිමේන්තුවට හා ආයතන ප්රධානීන් වීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම ලංකා ප්රජාතන්ත්රවාදයේ මුදුන් කො වී ඇත.

        මෙසේ ජනතාව රවටමින් නුසුදුසු අය දේශපාලකයින් ලෙස පත් කිරීමට යොමුවන ආයතන තුනක් ලංකාවේ ක්රියාත්මක වේ.

    1.  දේශපාලන පක්ෂ, දේශපාලකයෝ හා ඔවුන්ගේ සංවිධායකයෝ.

    2.  මිත්යාව පතුරවා ජනතාවගේ මොළ සෝදා දුප්පඥ්ඥ භාවයට පත් කොට, දේශපාලකයින් පවසන්නේ සත්යය බැව් පිළිගැනීමට ඔවුන් නැඹුරු කළ ආගමික පූජකවරු.
    3. මිත්යාව වපුරවන මාධ්යයන්.

        දැනට ලංකාවේ උදාවී ඇති තත්ත්වය පිළිබඳව වගකිය යුතු, ජනතාව බුද්ධිමත් වීම වැළැක් වූ මෙම ආයතන තුනේ ක්රියාකාරිත්වයන් මතුපිටින් නොපෙනෙන  අන්දමට ජනතාව තුලට කා වැදී ඇත.

        ප්රජාතන්ත්රවාදය යැයි නම් කළ ද මෙරට ප්රජාතන්ත්රවාදයක් ක්රියාත්මක නොවේ. එහි ව්යවස්ථාව යනුවෙන් දෙයක් ඇතත් එයට පටහැනි යම් යම් නීති, ගැසට් නිවේදන තුළින් වරින් වර අමාත්යාංශ වලින් නිකුත් වූ බව පසුගිය වසංගත සමයේ පැහැදිලි විය. එහිදී ව්යවස්ථාව ආරක්ෂා කළ යුතු යැයි කියන නීතිවේදි යෝ ද නිහඬ වුණි.

        මෑත කාලයේ දී ප්රජාතන්ත්රවාදය හාස්යයට ලක්වුන දේවල් සිදු වී ඇත. ප්රජාතන්ත්රවාදය යන නම තුළින් එකල තිබූ ව්යවස්ථාවට අනුකූල නොවන අන්දමින් විදේශ පුරවැසියෙක් ජනාධිපති තනතුරට පත් විය. එහිදීද නීතිඥයෝ  නිහඬ වුනි. මහජන ඡන්දයකින් පත් නොවූ අයෙක් අගමැති ධුරයට ද, දැන්  වැඩ බලන ජනාධිපති ධුරයට ද පත්වී තිබේ. එවැන්නකට සහයෝගය දුන් අනෙකුත් මන්ත්රීවරුන් ප්රජාතන්ත්රවාදය බිඳ දැමීමට දායක වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණ තුළින් පැරදුණු අය, නැවත පස්සා දොරින් එයට ඇතුළුවීමට එම ප්රජාතන්ත්රවාදී ව්යවස්ථාව වෙනස් කරගෙන ඇත. එසේ කරන්නේ නම් ජනතාවගේ අදහස් විමසන පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ වලින් පලක් නොවේ.

        තවද එසේ පත් වූ  ප්රජාතන්ත්රවාදය යනු කුමක්දැයි දැන ගැනීමට අධ්යාපනයක් ලබා නොගත් මැති ඇමතිවරු  විසින් ඔවුන්ට අනුකූල වන සේ විටින් විට වෙනස් කරන ලද ව්යවස්ථාවක් ද ඇත. ප්රජාතන්ත්රවාදය තුළ ඕනෑම පුරවැසියෙකුට ඡන්දයකින් එම ජන රජයේ ජනාධිපති විය හැකි වුවද, ලංකා ව්යවස්ථාව තුළ එසේ කළ නොහැක. ජනාධිපති අපේක්ෂකයෙකු වීමට නම් ඔහුට වත්මන් ව්යවස්ථාවට අනුව පක්ෂයක් තිබිය යුතුය. පක්ෂයක් ලියා පදිංචි කර ගැනීමට නම් අවුරුදු හතරක් දේශපාලනයේ  නියැලී සිටිය යුතුය. පක්ෂ  ලියාපදිංචි කිරීම පසුගිය කාලයේ අවුරුදු හතක් පමණ කාලයක් නවතා තිබිණි.

        මේ සියල්ලකින්ම සිදුවී ඇත්තේ ඇත්තේ රටේ කිසියම් කොටසකට පමණක් රට පාලනය කළ හැකි ලෙස ඊනියා ප්රජාතන්ත්රවාදී පෞද්ගලික ව්යවස්ථාවක් බවට පරිණාමයට පත් කරගෙන ප්රජාතන්ත්රවාදය රෝගී කිරීමය. දැන් එය අවසන් හුස්ම  හෙළමින් සිටී.

        මෙවැනි ජනතාව රවටන ප්රජාතන්ත්රවාදී ක්රමයකින් රටට ප්රතිඵල ලැබී නැති බව කිව යුතු නොවේ. මහජන ඡන්දයකින් අවුරුදු තුනකට පෙර පත් වුනු ජනාධිපතිට හදිසියේ මැදියම් රැයේ රටින් පලා යාමට සිදුවී ඇත්තේ මේ ඊනියා ප්රජාතන්ත්රවාදී ක්රමය නිසාය. මෙවැන්නන් ජනතාව අසලට එන්නේ මැතිවරණයකදී පමණි. මහජනතාව අසල නොසිටි මෙවැනි ජනාධිපතිවරු පත්වන්නේ ලංකා  ප්රජාතන්ත්රවාදී මැතිවරණයක දී පමණි. දැන් එවැනි  ප්රජාතන්ත්රවාදයක අවසන් අවස්ථාව පැමිණ ඇත.

        ප්රජාතන්ත්රවාදය අවසන් වීම ඒකාධිපති පාලනය නොවේ. මේ දෙක හා කොමියුනිස්ට්,  සමසමාජ හා වෙනත් න්යාය වලට අයත් නොවූ මහජනයාගේ සුවසෙත සඳහා වූ ජනතාව සමග ළඟින් සිට ඔවුන් සමග එකතු වූ, ඔවුන්ගේ අදහස් සලකා බලන, සත්යයයෙන් ජයගතහැකි, ජනතාව බුද්ධිමත් කරවන, අලුත් නිෂ්පාදන ඇති කර රට පොහොසත් කරවිය හැකි, සාමකාමීව ජීවත් විය හැකි, නීතිගරුක වූ බුද්ධිමත් සමාජයක් වෙනත් ක්රමයකින් බිහි කළ හැක.

        නමුත් එය මහජනතාව රවටා පාර්ලිමේන්තුවට පත්වුණ අය තමන්ගෙන් පිට පාලනයක් ඇති නොවීමට සම්මත කරගත් ව්යවස්ථාවක් වැනි නීති පද්ධතියක් තුළ සිදුවන්නක් නොවේ. එයද ව්යවස්ථාවක් වුවත් තම තමන්ගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට වෙනස් විය හැක්කක්ද නොවේ. ජනතා පරමාධිපත්ය තහවුරු වන, ජනතාව සමග ළඟින් සිට, ඔවුන්ගේ අදහස් ද විමසා නිෂ්පාදනය වෙන සහ පාලනය කෙරෙන එම ව්යවස්ථාවේ අධ්යාපනයක් ලද ඕනෑම කෙනෙකුට පක්ෂයක් නොමැති ව වුවද ජනාධිපති විය හැක. එහිදී රට පාලනය කළ යුත්තේ ඒ ඒ ක්⁣ෂේත්රයන්  පිළිබඳ ව දැනුමක් ඇති අය ය. මහජන නියෝජිතවරු කරන්නේ ඡන්දයෙන් පත් ව වාද විවාද කොට පාලනය නිවැරදි පැත්තට හරවන උපදෙස් දීම පමණි. මෙවැන්නකට  ළඟින් යන ක්රමයක් ඇමරිකාවේ  ක්රියාත්මක වේ. එවිට ඡන්දයෙන් පත් වුන අයට තමන්ගේ මඩි තර බාරු කළ නොහැක. එහිදී දේශපාලනයෙන් නිදහස් වූ අධිකරණයක් ක්රියාත්මක වේ. නීති අනුමත කිරීම ද මහජන නියෝජිතයන්ගේ  කාර්යය වේ.

        වත්මන් ලංකා  ප්රජාතන්ත්රවාදය හා ව්යවස්ථාව දැන් කුණු ගොඩකි. නීතිඥයෝ ද මේ කුණු ගොඩට නීතිය යයි කියමින් එය ආරක්ෂා කිරීමට සැරසෙති. වත්මන් ව්යවස්ථාවේ රටට සුදුසු නීති ද ඇත. නමුත් පාර්ලිමේන්තුව,  ජනපති අගමැති, හා ඇමති ක්රියාත්මක වන කොටස් ප්රතික්ෂේප කළ යුතුව ඇත. වත්මන් නීතිඥයෝ ද, නීතිඥයින් නිසා නීතිය ක්රියාත්මක කිරීමට උපකාර කරන්නන් වුවත් මෙම නීති සම්පාදනය කළ දූෂිත ආයතනයෙහි සිටින අය, ඔවුන් පත්වී ඇති ආකාරය හා එම නීති සම්පාදනය වූ ආකාරය ගැන ප්රශ්න නොකරති.

        ජනතා පරමාධිපත්යය වත්මන් ව්යවස්ථාවේද මූලික කරුණකි. නමුත් එය කිසි දවසක මහජන ඡන්දයකින් අනුමත වූවක් නොවේ. එය අනුමත කරගත් සමහර අය මහජන ඡන්දයකින් පත් වූ අය ද නොවේ. එය අනුමත කරගත් මන්ත්රී වරු තම තමන්ගේ කොට්ඨාශවල ජනතාවගේ අදහස් පාර්ලිමේන්තුවේ දී ද ප්රකාශ නොකරති. මහජන පරමාධිපත්යයයේ පලවැනි පියවර ව්යවස්ථාවට පිටින් මහජනයා විසින් වත්මන් ජනාධිපතිවරයා පලවා හැරීම යි. එය වත්මන් ව්යවස්ථාව තුළින් සිදු නොවූවක් බව නීතිඥයෝ ද පිළිගත යුතුය. ව්යවස්ථාවට අනුව වත්මන් ජනාධිපති පත්වූයේ ද මහජන ඡන්දයකින් වන අතර. නැවත එම ධුරයෙන් අස් කළ හැක්කේ ද මහජන ඡන්දයකින් හෝ දෝෂාභියෝගයකින් පමණි. නමුත් ඡන්දයක් නොමැතිව මහජන විරෝධතාව තුළින් ඔහු පත් වූ අවුරුදු පහේ සීමාව තුළදී ම, ජනාධිපති පලවා හැර ඇත. දැන් ඉතිරි දූෂිත පාලකයෝ ද තවමත් ඔවුන්ගේ අභිලාෂය ඉටු කර ගැනීමට හරවා ගත් ව්යවස්ථාව තුළ රැඳී මහා ජනයා රවටමින් රට තව තවත් ප්රපාතයට ඇද දැමීමට සැරසෙති.

        මෙතරම් ඛේදවාචකයකට රට ම පත් කළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිසිවෙක් තම තනතුරුවලින් ඉල්ලා අස් වී නොමැත.

    ඒ ව්යවස්ථාවට අනුව ඔවුන් ද අවුරුදු පහක කාල සීමාවකට පත් වී ඇති හෙයිනි. අවුරුදු තුනකින් රට  බංකොලොත් රාජ්යයක් බවට පත් කළ ඔවුන් පළවා හැරීමට මේ ව්යවස්ථාව තුළින් නොහැකිය.

        ජනපති පලවා හැරිය ක්රමයටම ඔවුන් ද පලවා හැරීම හැර වෙන ක්රමය ක් (ඉතිරි අවුරුදු දෙක තුළ) නොමැත.

    එසේ වුවහොත් තවදුරටත් පෞද්ගලික ප්‍රයෝජන ලබන වත්මන් ව්යවස්ථාව ක්රියාත්මක නොවේ.

    එවිට රාජ්යය  භාර බාරගන්නේ කවුද ?

        දැනට පාර්ලිමේන්තුවේ සිටින කවුරුන් හෝ ඊට පෙර  පාර්ලිමේන්තුවේ සිටි කවුරුන් හෝ නොසළකා මීට පෙර දේශපාලනයට සම්බන්ධ නොවූ , හමුදාවවල උසස් නිලධාරීන් නොවූ, අධ්යාපනයක් ඇති, දූර දර්ශී අවංක බුද්ධිමතුන් ලංකාවේ ඇත. මහජනයා විසින් එවැනි අයව යෝජනා කර එක් අයෙක් තෝරා, වත්මන්  ව්යවස්ථාවට පිටින්, පාර්ලිමේන්තුව හරහා නොගොස් ජනාධිපති ලෙස තාවකාලිකව පත් කළ යුතුය.

    එවිට පාර්ලි මේන්තුව ද, එවැනි දූෂිත පාර්ලිමේන්තු ක්රමය විසින් අනුමත කොට ඔවුන්ගේ පැවැත්ම සඳහා වෙනස් කරගත් ව්යවස්ථාව ද අහෝසි වනු ඇත. එය මහජන පරමාධිපත්‍යයයි. එය සනාථ කර ගැනීමට ඡන්දයක් තිබීමට සුදුසු වාතාවරණයක් ඇතිවූ විට එසේ කරගත හැක.

        එවැනි ඡන්දයක් නැතුව, ව්යවස්ථානුකූල නොවන ක්රමයක් හරහා පත්වීමකින් රට භාර දීම සමහරුන්ට කලබල විය හැකි කරුණකි. නමුත් ඔවුන් පහදා ගත යුත්තේ දැනට ඇති බලය සීමා කරගත් ව්යවස්ථාව හා පාර්ලිමේන්තු ක්රමයෙන් නීතිය ක්රියාත්මක නොවූ, දූෂණ පිරි රටක් බංකොලොත් වී ඇති බවයි. යම් කිසි කාලයක සමහර විට අවුරුද්දකින් හෝ දෙකකින් රටේ තත්ත්වය හොඳ අතට හැරුණු විට අලූත් ව්යවස්ථාවක් මහජන මතයකින් සම්මත කරගත හැක.

        නීතියට කැමති නීතිඥයෝ ද “ගෝටා ගෝ ගම” ට බැස්සේ ව්යවස්ථානුකූල නොවන ක්රමයකින් ජනාධිපති ඉවත් කිරීමට ය.

    එය ව්යවස්ථානුකූලව සිදුවූයේ නම් ඔහු මහජන ඡන්දයකින් පරාජය කළ යුතුව තිබිණි. නැතිනම් දෝෂාභිරෝපණයක් සම්මත විය යුතුය. එය එසේ සිදු නොවුනි. එවැනි වාතාවරණයක් තුළ දැන් ව්යවස්ථානුකූලව වැඩ කළ යුතුයැයි නීතිඥයින් විසින් ප්රකාශ කිරීම හාස්යයට කරුණකි.

        රට මෙවැනි තත්ත්වයකට භාජනය වී ඇත්තේ ලංකා ප්රජාතන්ත්රවාදයත්, ලංකා ජන රජයේ ව්යවස්ථාවත්  නිසාය.

    ලංකා “ජන” රජය කියා කීවත්  එය “ජන” අදහස් තුළින් පාලනය වන ක්රමයක් නොවේ.

       රනිල් තමාගේ පෞද්ගලික අභිලාෂ ඉටු කර ගැනීමට ජනපතිට තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ද අවුරුදු  4 1/2 ක් පසුවන තෙක් සීමා කළේය. එවිට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් පමණි. පාර්ලිමේන්තුවට පත් වූ හෝ පස්සා දොරෙන් ඇතුළු වූ මොවුන් තම තමාගේ රැකියාව දීමනා හා සුඛෝපභෝගී ලාභයන් අවසන් කර ගැනීමට ඔවුන් ම කැමැත්තෙන් යොමු වන්නේ කෙසේදැයි රනිල්ට තේරුම් ගියේ නැත.

        සාමාන්යයෙන් රටක් අමාරු තත්ත්වයකට පත් ව සිටිය දී රජය ඉවත්ව නැවත ඡන්දයක් පැවැත්විය යුතුය.  අන් රටවල ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන්නේ එසේය. නමුත් රටට මෙතරම් ඛේදවාචකයක් වී ඇතත් පාර්ලිමේන්තු ක්රමය හා ව්යවස්ථාව හරහා මැතිවරණයකින් අලුත් පාලකයින් පත් කිරීමට නොහැකි වන සේ ව්යවස්ථාව වෙනස් කොට තිබීම දූරදර්ශී ක්රියාවක් නොවේ. පෞද්ගලික අභිලාෂයන් සඳහා ව්යවස්ථාව විටින් විට වෙනස් කොට මැතිවරණයක් තුළින් ඇතුල් නොවී අගමැති වී තවත් එහි රැඳී සිටීමට දරන ප්රයත්නයද  හෙලා දැකිය යුතුය.

        එය රටට කරන සේවයක් නොවේ. අවස්ථා පහක් මීට පෙර අගමැති වී සිටිය ද,  දශකයකට වැඩි කාලයක් අගමැති වී සිටිය ද රට මෙවැනි තත්ත්වයකට පත්වීම නිසා ඔහු දැන්වත් රට වෙන අයෙකුට භාර දිය යුතුය. විටින් විට කරන ලද ව්යවස්ථා සංශෝධනයන් තුළින් හා ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක වූ ආකාරය තුළින් සිදු වූ දූෂිත, මහජන අදහස් නො තකන දේශපාලනය නතර කළ හැක්කේ වත්මන් පාර්ලිමේන්තුවටත්, ව්යවස්ථාවටත් පිටින් සුදුසු අයෙකුට රට තාවකාලිකව බාර දීම මගින් ය. රටේ තත්ත්වය හොඳ අතට පත් වූ විට  නැවත ව්යවස්ථාවක් ‘මහජන ඡන්දයකින්’  සම්මත කරවා ගත හැක. එය කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා නොවේ.

        කෙසේ වෙතත් බංකොලොත් වූ විට නැවත ණය ලබා ගැනීමෙන් වන්නේ කබලෙන් ලිපට වැටීමය. විශ්වාස කළ නොහැකි පාලකයින් සිටින තාක් පිටරට සිටින ලාන්කිකයන්  ලංකාවට මුදල් එවන්නේ ද නැත. අරගලය පවතින තාක් කල් විදේශ සංචාරකයින් රටට පැමිණෙන්නේ ද නැත. මේ නිසා වහාම 225 ම ඉවත් වී අලූත් රටක් බිහි කිරීමට ඉඩ සැලසිය යුතුය.

    දැන්  එසේ නොකළහොත් ලංකා ප්රජාතන්ත්රවාදය හා “ජන” රජය යැයි කියාගන්නා ජනතා අනුමැතිය නොලත් ව්යවස්ථාවද ජනතා පරමාධිපත්‍යයේ පීඩනයෙන්ම මිය යනු ඇත.

         එවැන්නක් සිදුවීමට වත්මන් පාලකයින්ගේ ඇති විරුද්ධත්වය නිසා තවත් කල් යෑමෙන් ලංකාව නැමති රෝගියා හොඳ කළ නොහැකි අසාධ්‍ය තත්වයකට පත් විය හැක. රටට කරණ සේවයක් වශයෙන් වත්මන් 225 කළ යුත්තේ සියල්ලම ඉල්ලා අස්වී අලුත් ක්‍රමයකට රට ගොඩ නැගීමට ඉඩ දීමය. එසේ වන තෙක් අරගලය දික්වන ලකුණු ඇත.

        ලක්දිව ප්රජාතන්ත්රවාදය පණ අදින වගයි ……..

    වෛද්‍ය ගාමිණී අභය

  • තාවකාලික ජනාධිපති ලෙස හෙට රනිල් දිවුරුම්දීමට සූදානමින් !

    තාවකාලික ජනාධිපති ලෙස හෙට රනිල් දිවුරුම්දීමට සූදානමින් !

    තාවකාලික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම දිවුරුම්දීම සිදුවීමට නියමිතය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වන නමුත් ඒ පිළිබඳ නිළ නිවේදනය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

    UN

  • ගෝඨාභයට රැකවරණය දෙන්න බලාපොරොත්තුවක් නෑ – සිංගප්පූරු බළධාරීන් අවධාරණය කරයි

    ගෝඨාභයට රැකවරණය දෙන්න බලාපොරොත්තුවක් නෑ – සිංගප්පූරු බළධාරීන් අවධාරණය කරයි

    ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව වෙත පැමිණියේ පෞද්ගලික සංචාරයක් සඳහා පමණක් බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරනවා.

    රාජපක්ෂ මහතාට දේශපාලන රැකවරණය ලබාදීමේ කිසිදු අදහසක් නොමැති බවත්, රැකවරණය අවශ්‍ය බවට ඔහු කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    සිංගප්පූරුව සරණාගත ඉල්ලීම් සඳහා අනුමැතිය ලබා නොදෙන බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

    මාලදිව‌යිනේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි ගුවන් සේවයට අයත් VA788 දරන ගුවන් යානයේ සිංගප්පූරුව වෙත ගොස් ඇති අතර ඔහු සෞදි අරාබිය වෙත යෑමට නියමිත බවද වාර්තා වේ.

    UN

  • ජනාධිපති ගෙදර යද්දී වැ.බ. ජනාධිපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් !

    ජනාධිපති ගෙදර යද්දී වැ.බ. ජනාධිපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් !

    වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, මෙතෙක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමිනි.

    මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් මින් ඉදිරියට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

    අදාල ආයතන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත පවරා තිබුණේ ධම්මික පෙරේරා මහතා විෂය බාර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි.

    UN

  • ජනාධිපති අස් උනා කියලා කතානායකටත් සුවර් නැතිලු ! නිළ නිවේදනය හෙට !

    ජනාධිපති අස් උනා කියලා කතානායකටත් සුවර් නැතිලු ! නිළ නිවේදනය හෙට !

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ නිළ නිවේදන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හරහා ප්‍රසිද්ධ කරන බව මීට පෙර පවසා තිබූ නමුත් මේ දක්වා කතානායකවරයා ජනාධිපති ඉල්ලා අස්වීමේ නිළ නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

    මේ අතර කතානායකවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා කතානායකවරයා වෙත ලැබී ඇති බවයි.

    එම ලිපියේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසු හෙට දිනයේදී ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව අදාල නිවේදනයේ සඳහන් වේ.

    UN