Uncategorized

මගේ පුතා ආයෙ ගෙදර එන එකක් නෑ

සුද්දා යන්න ගියා..අපේ සීයා ගෙ තාත්තා අත්පොලසන් දුන්න ඩී ඇස් මහත්තය අස්සය පිටින් වැටිල මැරුණසීයා ගේ තාත්තා ඇඬුව බස් ජනසතු කරල , සිංහල විතරයි කියලබණ්ඩාරනායක මහත්තය...

කලාකරුවන් රොඳ බැඳුණු අරගල බිම! (PHOTOS)

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට විරෝධය පළකරමින් ජන අරගල කලාකරුවන් අද (30) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලාංකේය සිනමාවේ අමිල ”නිධානය” ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්

ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙතු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා උපත ලබන්නේ 1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දීය. ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් වූ අතර මව ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය වුවාය. ඔහුට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඉංග්‍රිසි රෝමානු කතෝලික පවුලක හැදී වැඩුණු ලෙස්ටර්ගේ ලේඛණ හ භාෂණ මාධ්‍ය වුයේ ඉංග්‍රිසි භාෂාවයි. ඔහු සිය මූලික අධ්‍යාපනය කොළඔ ශාන්ත පීතර විද්‍යාලයෙන් නිම කළ අතර 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි කෙටි කාලයක් රාජකාරී කරණු ලැබීය.

පාදෙණිය සිට පාගමනින් පැමිණි පාසල් ගුරුවරයාත් අද ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)

ගෝල්ෆේස් අරගලයට සහය පළකරමින් මාවතගම ප්‍රදේශයේ ගුරුවරයෙක් කුරුණෑගල පාදෙණියේ සිට සිය බිරිඳ සමඟ දින කිහිපයක් පා ගමනින් කොළඹ බලා පැමිණි අතර ඒ අනුව අද (25)දින එම විරෝධතා පා ගමන සම්පූර්ණ කරමින් ගෝල්ෆේස් අරගල භුමිය වෙත පැමිණුනා.

අප්‍රේල් හටන් කවි – මංජුල වෙඩිවර්ධන

නායක හැතිකරේ වම වල්මත් කෙරුව සාටක දෙපා මුල රඳවා හොටු පෙරුව වීරියෙ සටන් පාඨය යළි අතදැරුව සෝයුරු, විජේරාමය හොල්මන් කෙරුව

Popular

spot_imgspot_img