දේශපාලන පුවත්

සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙල 06 වැනිදා එළිදකියි!

එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා ශ්‍රී ලංකාව ගොඩ නැංවීමේ උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත එළඹෙන 06 වැනිදා එළිදැක්වීමට නියමිත බව සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී මණ්ඩලයේ චන්න ජයසුමන මහතා පැවසීය.

මෙලෝ රහක් නෑ. තේරුමක් නැති වැඩක් – ජනපතිගේ විශේෂ ප්‍රකාශයට විපක්ෂයේ විරෝධය!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය මෙලෝ රහක් නැති වැඩකට නැති කතාවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

ජාතික ආණ්ඩුවකට සමඟිය බෑ කියයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

මේ පාර නම් පිල්ලෙයාන් හරි කරුණා අම්මාන් හරි දාගෙන NPP ගමන වළක්වන්න රනිල්ට බැහැ – නලින්ද ජයතිස්ස

පිල්ලෙයාන් හෝ කරුණා අම්මාන් හෝ යොදාගෙන ජාතික ජන බලවේගයේ ගමන වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොහැකි බව රනිල් වික්‍රමසිංහත් තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අපිට ඔය ලෝකේ වටේ අය ඕනේ නැහැ. අපිට ඉන්නවා අපේම විද්‍යාඥයෝ – මුජිබර්

ජාතික ජන බලවේගයට මෙන ලෝකේ වටේ විද්‍යාඥයින්ගේ අවශ්‍යතාවක් සමඟි ජන බලවේගයට නොමැති අතර රට තුළ සිටින විද්‍යාඥයින්ගේ සහය සමඟියට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

Popular

spot_imgspot_img