දේශපාලන පුවත්

විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්න සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

අපි ආවේ මේ දුර්දාන්ත ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්නයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳින බවත් ජනතාවට තවත් මේ දුක උහුලන්නට දෙන්නට බැරි බවත් ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුව නිසා වහාම මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි . තමන් මෙම දැවැන්ත විරෝධතාව ආරම්භ කළේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට බව ද ඒ මහතා කීය.

විමල් බොරු ගොතමින් බැසිල්ගේ චරිතය කළු කර පෙන්නලා ආණ්ඩුවට ගහනවා – පතිරණ (VIDEO)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කරමින් සිටින්නේ බොරු ගොතමින් බැසිල් රාජපක්ෂ නම් චරිතය කළු කර පෙන්වමින් ආණ්ඩුවට පහර ගැසීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

මහ බැංකු අධිපතිව ඉවත් කිරීමට සැරසෙන බවට පළවන පුවත සත්‍යක්ද?

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉංග්‍රීසි පුවත් පතක පළව තිබෙන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව...

බැසිල් මහත්තයෝ, මාස හයකටවත් ගෙදර යන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඉල්ලයි !

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ පසුව එතෙක් තිබුණු දේ පවා නැතිවුණු බවක් ජනතාව පවසන බවත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමට උදව් කළ අයට පවා හෙණ ඉල්ලන තැනට අද ජනතාව පත්ව ඇති බවත් නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

Popular

spot_imgspot_img