දේශපාලන පුවත්

අනාගත ජනාධිපතිව මට්ටු කළේ පිටට තට්ටුවක් දාලා …. !

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් දැඩි අපහසුතාවට පත්කෙරෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි (VIDEO)

පාස්කු ප්‍රහාරයත් සමඟ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන බව පවසමින් බිහිකරගත් ආණ්ඩුවක් ලෙස ජන වරම පළුදු නොකර පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

ගම්මන්පිල මාධ්‍යයට එක එක ඒවා කීවාට ලංවිමට තෙල් ලැබෙනවා, අපි මිත්‍රයෝ නෙ – ඇමති ලොකුගේ

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?

විදෙස් මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණු ජයලත් ක්‍රිශාන් පීරිස් නොහොත් එතනෝල් ජයලත් නමැති කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවාව ඩුබායි රාජ්‍යයේ සිට හොර රහසේ මෙරටට කැඳවාගෙන පැමිණ, අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කරගැනීමට කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා ඇති බව ආරංචිමාර්ග පවසයි.

තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)

ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

Popular

spot_imgspot_img