දේශපාලන පුවත්

මුලින්ම එන්නේ පළාත් සභා මැතිවරණයක් !

මේ අතර මහමැතිවරණයක් පැවැත්වීම පිළිබඳ රාවයක් ද දේශපාලන ක්ෂේත්‍රයෙහි පැතිර ගිය නමුත් මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය මේ වනවිට තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මාධ්‍ය මර්දනය නවතනු. භාෂණයේ නිදහස තහවුරු කරනු ! – සජිත් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය (VIDEO)

වත්මන් රජය යටතේ සිදුවෙමින් පවතින මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ලබාදී ඇති භාෂණයේ නිදහස තහවුරු කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මිල වැඩිවීමක් නෑ. අඛණ්ඩව ඉන්ධන සැපයීමට විශේෂ කැබිනට් රැස්වීමේදී ජනපතිගෙන් නියෝග (VIDEO)

අඛණ්ඩව ජනතාව වෙත ඉන්ධන සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී නියෝග කර තිබේ.

අධිවේගයේ කිසිම දූෂණයක් නෑ, වසන්ත සමාගමකින් සල්ලි අරන් චෝදනා කරනවා – ජොනී (VIDEO)

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටසේ ඉදිකිරීම් සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානයේදී ඇමරිකානු ඩොලර් මිලියන 820ක දූෂණයක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු පවසන MCC නම් සමාගම අදාළ ටෙන්ඩරයට ඉදිරිපත් වී හෝ නොමැති බවත් මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ. මේක වෙළඳුන්ගේ බලපෑමට යටවෙලා – වාසු රෙදි ගළවයි ! (VIDEO)

භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට පාලන මිල පැනවීම විසඳුමක් නොවන බවත් ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Popular

spot_imgspot_img