දේශපාලන පුවත්

කට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණ

අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවට යනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලොවම බලශක්ති අර්බුදයක ගිලී සිටියදී පැය 19 ක් විදුලිය දෙන එකම මදිද ?

දකුණු ආසියානු රටක් වන නේපාලයේ දිනකට විදුලි සැපයුම ලබා දෙන්නේ පැය 08 ක කාලයක් පමණි. ඒ අතින් බලන විට ශ්‍රී ලාංකික ජනතාව නේපාල ජනතාව මෙන් දෙගුණයක් වාසනාවන්ත වී තිබේ.

මිනිස්සු අපට ඡන්දය දුන්නේ බැඳුම්කර හොරු කනෙන් අල්ලලා ගෙනල්ලා දාන්න නෙවෙයි – ප්‍රසන්න (VIDEO)

රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළාක් මෙන් හොරුන්ව කනෙන් අල්ලාගෙන ඒමට නොව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කාගෙ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි – වෙළඳ ඇමති බන්දුල (VIDEO)

රටේ මේ වනවිට උද්ගතව ඇති අර්බුදය ජාතික අර්බුදයක් වශයෙන් දැකිය යුතු බවත් මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ වත්මන් ආණ්ඩුවෙහි වරදින් ඇති වූවක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Popular

spot_imgspot_img