කටකතා

      ජ’පුර රෝහලෙන් ටිකට් කැපූ දුමින්ද සිල්වා යළිත් රෝහල්ගත කරලා …

      අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා එම රෝහලෙන් නිදහස් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමට ඊයේ (03) පස්වරුවේ සූදානම් වුවත් ඔහුව නැවතත් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

      ගවනර් බොඩිය හදාගන්නවාට අගමැති අකමැති ලු !

      ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට පවතින අන්තරාදායක තත්වය අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුත්තේ රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධ ගැටලු විසඳාගන්නේ කෙසේද, ස්වෛරීත්ව ණය ආපසු ගෙවීම් පැහැර හැරීම පිළිබඳ ගැටලු විසඳාගන්නේ කෙසේද යනාදී ප්‍රශ්න විය යුතුය. එහෙත් අපට වාර්තා වන ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට කායවර්ධන උපදේශකවරයෙකු (Gym Instructor) බඳවා ගැනීම ය.

      ශිරන්ති හෙට ඇවිදින්න එනවා.200ක් ආරක්ෂාවට යොදවන්න – පොලිස්පති ඉල්ලයි!

      හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යායාම සඳහා හෙට (28) දින පැමිණෙන හෙයින් හැකි උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

      21 වැනි සංශෝධනයට බාධාව බැසිල් ද?

      21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමේ උත්සහායක් සමග බැසිල් රාජපක්ෂ මහතා නැවතත් කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂටත් අනෙක් රාජපක්ෂවරුන්ටත් අන්ධ ලෙස...

      ආර්ථිකය මෙච්චර වැටුණේ පී.බී.වයි බැසිල්වයි අයින් කළ නිසා. ඔවුන් තමයි හොඳටම කළේ – පතිරණ

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව ප්‍රධාන වැරදි දෙකක් කළ බවත් ඒ පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සහ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

      Popular

      spot_imgspot_img