පුවත්

යුද්ධය අවසන් කරන්න ආර්ථික හයිය දුන්නේ බැසිල් යටතේ පී.බී. සහ කබ්රාල් විසින් – පතිරණ

එදා යුද්ධය අවසන් කිරීම සඳහා අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් බව අද බොහෝ දෙනෙකුට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

පෘථිවියම දෙදරුම් කා වසර 17 යි – 2004 සුනාමියේ ඉන්දියාව සහ ලංකාව අද

2021 දෙසැම්බර් 26 නොහොත් ඊ‌යේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.දකුණු සහ ගිනිකොණ දිග ආසියාවේ ඉන්දියාව, ශ්‍රී...

විදේශිකයින් හා විවාහ වීමේදී ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් අනිවාර්යය කෙරේ

විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ වලදී විදේශීය පාර්ශ්වය සම්බන්ධයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගැනීම අනිවාර්යය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙවැනි විවාහවලින් ජාතික ආරක්ෂාවට...

ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත් රටේ තියෙන්නේ “සාගත සංග්‍රාමයක්” – සජිත් (VIDEO)

අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම පැකේජය අසහනය පීඩනය උද්ධමනය දුක කඳුල වේදනාව පමණක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

බදාදා වෙනකොට බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ඇමති දිළුම්

ලබන බදාදා (29) දිනය වනවිට බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

Popular

spot_imgspot_img