පුවත්

අගමැති මහින්දගේ කාල්ටන් නිවස ඉදිරිපිට අදත් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ …

තංගල්ල ප්‍රදේශයේ පිහිටි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් කාල්ටන් නිවස ඉදිරිපිට මේ වනවිට ප්‍රදේශවාසී ජනතාව රැස්ව විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අදත් ප්‍රදේශ රැසක මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධයේ …

අද (20) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව මහාමාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වී සිටින බව වාර්තා වේ.

අගමැති මහින්ද ඊයේ රාත්‍රියේ කථානායක සමග විශේෂ රහස් සාකච්ඡාවක !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව සමීප ආරංචිමාර්ග පවසයි.

වෙඩි තියන්න අණ දුන්නේ SSP කීර්තිරත්න. අනුමැතිය ඇමති දිළුම්ගෙන් ?

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් වන අතර ඊට අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිළුම් අමුණුගම විසින් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රඹුක්කනට පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි – පොලිසිය

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

Popular

spot_imgspot_img