විශේෂ පුවත්

අපේ හිතවතුන්ටත් උපකුලපති තනතුරු දෙන්න – පොහොට්ටු මැති ඇමතිවරු ජනපතිගෙන් ඉල්ලයි !

වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර තම හිතවතෙකුට ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.

මේ ජනවාරියේ කොයි මොහොතක හෝ ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන් – ඇමති ගම්මන්පිල

මේ ජනවාරි මාසය තුළ කොයි මොහොතක හෝ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

සාගත කතාව ගෝනිබිල්ලෙක්. සිංගප්පූරුවේ හාල් නිෂ්පාදනය නොකළාට මිනිස්සු බඩගින්නේ ඉන්නවාද ? – මහින්දානන්ද

ආහාර හිඟයක් ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවත් සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල එක සහල් ඇටයක්වත් නිෂ්පාදනය නොකළ ද එම රටවල ජනතාවට බඩගින්නේ සිටින්නට සිදුව නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සජබ රජයක් යටතේ පුරුදු විදිහටම පොහොර දෙනවා – සජිත්ගෙන් ගොවීන්ට පොරොන්දුවක් (VIDEO)

මේ ආණ්ඩුවේ අමනෝඥ, උද්දච්ඡ ක්‍රියා පිළිවෙත හේතුකොට ගෙන අද වන විට රටේ ගොවිජනතාව අසල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින බවත්, සහමුලින්ම පාහේ කෘෂිකර්මාන්තය විනාශ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

චණ්ඩි නොන්ඩි වෙයි : මං කියන දේ මොනවා හරි අවුලක් තියෙයිද දන්නෑ – විමල් දිනේෂ් රහස් කතාබහක (VIDEO)

ආණ්ඩුව තුළ කැරලිකාරී ලෙස හැසිරුණු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි කුඩා පක්ෂ නායකයින් මේ වනවිට දමනය වෙමින් පවතින ස්වභාවයක් පෙන්නුම් කරමින් සිටී.

Popular

spot_imgspot_img