විශේෂ පුවත්

නිලධාරීන්ගේ සහ ඩීල්කරුවන්ගෙන් වුවමනාවට ගෑස් සිලින්ඩරයෙන් විනාශ වී ගිය කුඩා මිනිසාගේ ආර්ථිකය

නත්තල් සීතලත් සමඟම ලබන්නා වූ නව වසර ශ්‍රී ලංකාවේ පුංචි මිනිසාගේ පීඩනය තවදුරටත් වැඩි කරමින් ඇත. කෙසේ හෝ ඉතා අපහසුවෙන් එදා වේල සොයා ගන්නා ස්වයං රැකියා කරුවාගේ සිට උදෑසන තම දරුවන්ට කැඳ හෝ තේ උගුරක් රත් කර දෙන සාමාන්‍ය මිනිසාගේ දෛනික අවශ්‍යතාවයක් වන ගෑස් සිලින්ඩරය මේ වන විට කළුනික බවට පත්වී ඇත.සියලුම ගෑස් වෙළඳ සැල් අසල ඉතා දිගට විහිදුනු පෝලිම් දක්නට ඇත. ගිනි අව්වේ කුඩ ඉහළමින්, පුංචි දරුවන් අතින් වඩාගත් සමහර දෙමව්පියන් ගෑස් සිලින්ඩර උස්සගෙන ගෑස් ලොරිය මේ දැන් එතැයි මඟ බලාගෙන, පෝලිම් වල රස්තියාදු වෙති. කොළඹ තට්ටු නිවාස වාසීන්, කුඩා පැල්පත් වාසීන් ඇතුළු ගෑස් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇත. වඩේ බදින, කෙටි ආහාර සාදා තම ජීවිකාව සවිකරගන්න, ස්වයංරැකියා නියුක්තිකයින් සහ කුඩා ව්‍යාපාරිකයන් ගෑස් සිලින්ඩරය නොමැතිව ඉතා අසරණ තත්වයට පත් ව ඇත.

ජනතාවට අවශ්‍ය භාණ්ඩ සියල්ලම අරන් ඇවිල්ලා තියෙන්නෙ. මොනවත් හිඟයක් නෑ ! – ඇමති එස්. එම්. (VIDEO)

ජනතාවට අවශ්‍ය සියලුම භාණ්ඩ රටට ආනයනය කර ඇති අතර කිසිදු භාණ්ඩ හිඟයක් රට තුළ නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මේ ආණ්ඩුවට IMF යන්න බැරි ඇයි – හේතු පැහැදිලි කරමින් මෛත්‍රීගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

මෙරට වංචාව, දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ බලය ඉතාම කීපදෙනෙක් අත පැවතීම යන බරපතළ කරුණු හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිවෙකුත් උදව් නොකරන තත්වයක් උද්ගතව ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අපට බඩු මිල පාලනය කරන්න අසීරුයි. හැමෝම ගෙවතුවල මොන මොනවාහරි හිටවාගන්න – බන්දුල (VIDEO)

මේ අවස්ථාවේදී බඩු මිල පාලනය කිරීමට අසීරු තත්වයක් උද්ගත වී ඇති හෙයින් තම තමන්ගේ නිවෙස්වල ගෙවතුවල මොන මොනවා හෝ වගා කරගන්නා ලෙස වෙළඳ අමාත්‍ය...

වැඩි පඩි ඉල්ලීම නීතිවිරෝධී යි. මේක පඩි වැඩිකරන වෙලාවක් නෙවෙයි පඩි අඩුකරන වෙලාවක් – එස්.බී. (VIDEO)

මේ වනවිට ලෝකයෙහි පවතින්නේ වැටුප් වැඩිකරන අවස්ථාවක් නොව වැටුප් අඩුකරන අවස්ථාවක් බවත් මෙවන් මොහොතක වැඩි වැටුප් ඉල්ලීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

Popular

spot_imgspot_img