යුද්ධය අවසන් කරන්න ආර්ථික හයිය දුන්නේ බැසිල් යටතේ පී.බී. සහ කබ්රාල් විසින් – පතිරණ

Date:

එදා යුද්ධය අවසන් කිරීම සඳහා අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් බව අද බොහෝ දෙනෙකුට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.


පීබීට බණින, එළවන්න හදන බොහෝ අය මහින්ද යුගයේ සාර්ථක ආර්ථික ඉලක්කම් උජාරුවෙන් පෙන්වන අය වීම දෛවෝපගත දෙයක්. බැසිල් රාජපක්ෂ⁣⁣ගේ නායකත්වය යටතේ එදා පීබී, අජිත් නිවාඩ් ඇතුළු කණ්ඩායම ත්‍රස්තවාදය විනාශ කිරීමට අවශ්‍ය ආර්ථික ශක්තිය රටට ලබා නොදෙන්න ලංකා ඉතිහාසය අද බෙහෙවින් වෙනස් වෙන්නට ඉඩ තිබුණා. රනිල්, චන්ද්‍රිකා අපට දීල ගියේ ඍණ ආර්ථිකයක්. යුධ සමයේ පවා ඉතා අසීරු අභියෝග මැද පවා ජනතාව ජීවත් කරවන අතර ම දශක ගණනාවක් තිස්සේ මග හැරුණු යටිතලපහසුකම් සංවර්ධනය කරමින් රට නව මාවතකට ගෙන ගියේ මේ කණ්ඩායම. 6%කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් පවත්වා⁣ගෙන යමින් සිටි ගමන 2015 දී වෙනස් නොවන්නට අද අපට වර්තමානයේ තරම් ආර්ථික අමාරුකම් කිසි විටෙකත් ඇති වන්නේ නැහැ. එම කාලය තුළ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 22 සිට 79ට වැඩි වුනා. එය 400%ක වැඩි වීමක්. අවුරුදු 70ටම ඩොලර් බිලියන 22යි, මහින්ද යුගය අවුරුදු 9ක් තුළ බිලියන 57යි. මේකයි විශ්වකර්මය, ආශ්චර්ය!

ඒක පුද්ගල ආදායම ඩොලර් 1200 සිට 3800ට වැඩි වුණා. රටේ ණයබරතාව 102% සිට 70%ට අඩු වුනා. මේව කයිවාරු නෙමෙයි, ඇත්ත. ලෝක බැංකු දත්තවල පවා මේව ඇතුළත්.

රනිල්-සිරිසේන ලංකාවේ ආර්ථිකය ඇෆ්ගනිස්තානයට සම කිරීම මත තමයි අපි අද අර්බුදයට ලක් වෙලා ඉන්නෙ. එම දුබල ආර්ථිකය තුළ පවා වසංගතය මැදින් ලංකාව පදවන කණ්ඩායම ගැන මේ රටේ සමහර පුරවැසියන්ට අවබෝධයක් නැහැ. වසංගතය කියන්නෙ අනපේක්ෂිත එකක්. ගෝඨාභය ආපු ගමන් ඒක සිදු වුනා. එවන් පසුබිමක විශ්වකර්මයටවත් බැහැ, අවුරුදු 5ක් ලෙඩ කරල තිබ්බ ආර්ථිකයක් ගොඩ ගන්න. කවුරුහරි එහෙම අහනව නම් ඒ අමුම අමු අඥානයෙක්.

පීබි ඉන්න ඕන කෙනෙක්. !

  • මහින්ද පතිරණ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...