තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ බෙලරූස් ජනරජය වෙත අක්තපත්‍ර පිටපත් පිළිගන්වයි

Date:

තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය බෙලරූස් ජනරජය වෙත අක්තපත්‍ර පිටපත් පිළිගන්වයි

බෙලරූස් ජනරජයට එකඟව අක්ත ගන්වනු ලැබූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය විසින් සිය අක්තපත්‍රවල පිටපත් 2021 දෙසැම්බර් මස 07වන දින බෙලරූස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිකොලායි බොරිසෙවිච් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවෙන් අනතුරු ව පැවති සුහද සංවාදය අතරතුර දී ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍යය අතර පවත්නා වෙළඳ, සංචාරක, අධ්‍යාපන සහ වෙනත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි පියවර සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් සාකච්ඡා පැවැත්වීය. බෙලරූස් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සිසුන් 1000 කට අධික පිරිසක් නියෝජනය කෙරෙන අතර මින්ස්ක්, ග්‍රොඩ්නෝ, වීටෙබ්ස්ක් සහ ගොමෙල් යන ප්‍රදේශයන්හි වැඩි වශයෙන් එම ශ්‍රී ලාංකික ප්‍රජාව වාසය කරයි. මේ වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 20වන සංවත්සරය ද සමරනු ලබයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 21 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල් කණ්ඩායම ලාංකේය ෆුට්සාල් ඉතිහාසයේ පළමු...

පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකාව මෙවර ලෝක...

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...