මුලතිව් දැරියකගේ මළ සිරුර හමුවේ – මිය යන විට දෙමස් ගැබිනියක්

Date:

මුලතිව් හි පදිංචි 13 හැවිරිදි දැරියක් ඇගේ නිවසට යාබදව මිය ගොස් තිබියදී සොයාගෙන තිබේ. 

මිය යන අවස්ථාවේදී ඇය දෙමස් ගැබිනියක ව සිටි බව ද, ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වී ඇති බවට ද සැක පළ කෙරේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඇගේ ලිංගික ප්‍රදේශවල තුවාළ ද දක්නට ලැබුණු බවයි. 

මෙම සිද්ධියත් සමග කැළඹීමට පත් ප්‍රදේශවාසීන් ඊයේ දිනයේ උතුරේ සිදුවන ළමා සහ කාන්තා ප්‍රචණ්ඩත්වයන් ට එරෙහිව විරෝධතාවක නිරත වන අන්දම ද දැකගත හැකි විය. 

මෙම දැරිය දෙසැම්බර් 15 වැනිදා පටන් සිය නිවසින් අතුරුදන් ව සිටි අතර, ඇගේ මව මේ සම්බන්ධයෙන් පුදුකුඩුඉරුප්පු පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබිණි. 

සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පවුලේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

මාස 16 ක් තුළ මෙරටින් වාර්තා වන 8 වන ළමා මරණය මෙයයි. 

– AJ


Photos: Tamil Guardian

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...