බේකරි නිෂ්පාදනවල මිල අපි පාලනය කරන්නෙ නෑ – ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය කිරීම බේකරි හිමියන්ට

Date:

ඉන්ධන මිල, බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරන යෙදවුම්වල මිල විටින් විට ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල තීරණය කිරීම අපහසු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ නිසා බේකරි නිෂ්පාදනවල මිල තීරණය කිරීම සඳහා තම සංගමය තවදුරටත් මැදිහත් නොවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපතිවරයා මේ බව පවසා තිබේ.

මින් ඉදිරියට බේකරි නිෂ්පාදනවලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය කරන බවත් මිල තීරණය කිරීමේ අවස්ථාව බේකරි හිමියන් වෙත ලබාදෙන බවත් බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන, වෙනත් ආහාර ද්‍රව්‍යවල මෙන්ම බස් ගාස්තුවලද සංශෝධනයක් සිදුවිය යුතු බවට යෝජනා වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...