චීලි නව නායකයා

Date:

චිලී ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ වාමාංශික අපේක්ෂක ගේබ්‍රියෙල් බෝරික් එරට ලාබාලතම නායකයා බවට චිලී ඉතිහාසයට එක් වෙයි.

35 හැවිරිදි හිටපු ශිෂ්‍ය විරෝධතා නායකයා වන ගේබ්‍රියෙල් බෝරික් ඔහුගේ අන්ත දක්ෂිනාංශික ප්‍රතිවාදියා වන ජෝස් ඇන්ටෝනියෝ කස්ට් මැතිවරනයෙන් පරාජය කළේය.

බොරික් චිලියේ නව ලිබරල් ආර්ථික ආකෘතියට අභියෝග කරන බවට පොරොන්දු වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට ආධාරකරුවන්ට පොරොන්දු විය.

අසමානතාවයට සහ දූෂණයට එරෙහි මහජන විරෝධතා හේතුවෙන් මෑත වසරවල කැළඹීම් සහගත වූ චිලී දේශය පසුගිය කාල සීමාව තුල ලතින් ඇමරිකාව තුලකැපී පෙනෙන්නට විය.

බෝරික්ගේ ජයග්‍රහණයට එරට සන්තියාගෝ අගනුවර වීදිවල ඔහුගේ ආධාරකරුවන් ධජ ලෙළවමින් සමරන්නට විය.

නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ගේබ්‍රියෙල් බෝරික්ට 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබිණි.

ඡන්ද විමසීම අවසන් වී පැය එකහමාරකට පසු ප්‍රතිවාදි අපේක්ෂකයා පරාජය පිළිගත්තේය. අපේක්ෂකයන් දෙදෙනාම රට වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශන ඉදිරිපත් කළ අතර, දෙදෙනාම කිසිදා ආණ්ඩුවේ නොසිටි දේශපාලන පක්ෂ නියෝජනය කරන චරිත ද්විත්වයකි.

කලක් ලතින් ඇමරිකාවේ වඩාත්ම ස්ථාවර ආර්ථිකය වූ චිලී දේශය පසුව ලෝකයේ විශාලතම ආදායම් පරතරයන්ගෙන් හිමි රටක් වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජනගහනයෙන් 1% ක් රටේ ධනයෙන් 25% ක් හිමිකර ගෙන ඇත.

සමාජ අයිතීන් පුළුල් කිරීම , චිලියේ විශ්‍රාම වැටුප් මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, වැඩ කාල සීමාව සතියකට පැය 45 සිට 40 දක්වා අඩු කිරීම සහ හරිත ආර්ථික ආයෝජන ඉහළ නැංවීම මගින් මෙම අසමානතාවයට විසඳුම් සෙවීමට නව නායකයාකයාගේ ප්‍රධාන පොරොන්දුවක්.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේදාසයන් මලල ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ප්‍රඥාව විහිද වූ උපදේශකයෙකි – අනුලා කොස්තා

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: කේඑල්එෆ් විජේදාස යනු ලාංකේය මලල...

මෙක්සිකෝ ජනාධිපතිවරිය වීදියේදී තමාව අතවරයට ලක් කළ පුද්ගලයකුට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙක්සිකෝ ජනාධිපති...

ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය...

අත්අඩංගුවේ සිටි සහෝදරයා මුදාගන්න පොලීසියට පැන යකා නැටූ මාලිමා මන්ත්‍රී ඇප මත නිදහස්

හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්...