IMF ගියොත් මම ආණ්ඩුවේ ඉන්නෙ නෑ කිව්වේ ආණ්ඩුව IMF නොයන බව බැසිල් කලින්ම කියලා තිබුණ නිසා – වාසු

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන ආණ්ඩුවක තමන් නොසිටින බවට තමන් කළ ප්‍රකාශයෙන් අදහස් කළේ වත්මන් රජය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන්නේය යන කාරණය බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා එය ඉතාම පැහැදිලිව කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

සාමුහික වගකීමකුත් තියෙන්න ඕනෙ. නමුත් සාමුහික වගකීම තුළ අපට මතුවෙන ගැටලුවක් වුණොත් ඒකටත් විසඳුමක් අපි හොයාගන්න ඕනෙ. සාමුහික වගකීමක් එන්න පුළුවන් නොදැනුවත්ව යම් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තත්. නමුත් අපි මතුකරනවා, අපි කවුරුත් දැනුවත්ව එකඟත්වයෙන් මේ පිළිබඳ තීන්දුවකට පැමිණීමට නොහැකි වූ නිසා අපට අපේ අදහස් වෙනම ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවා කියලා.

ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ආවොත් පාර්ලිමේන්තුවේ අපේ ඡන්දය අපි පාවිච්චි කරන්නේ, මේ අද ගෙනවිත් තිබෙන යෝජනාවට විරුද්ධවයි

ප්‍රශ්නය – අයවැය ඡන්දයක් තිබුණානෙ පසුගිය දවස්වල … ?

අයවැය තුළ යුගදනවි තිබුණෙ නෑනෙ. ආණ්ඩුව IMF එකට යන්නෙ නෑ කියන එකේ තේරුම තමයි මම ආණ්ඩුවකට ඉන්නෙ නෑ IMF එකට යනවා නම් කියා කියලා තිබෙන්නෙ. බැසිල් රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කිව්වා IMF එකත් එක්කලා ගනුදෙනුවකට යෑම අපට මේ වෙලාවේ හිතන්නවත් බැරි දෙයක් කියලා. එතුමා කිව්වා.”

මේ රටේ ධනපති පංතිය කිසිම කැපකිරීමක් කරන්නෙ නෑ. ඒගොල්ලො වෙනදා වගේම සුඛ විහරණයෙන් හා ලෝකය වටේම ඇවිදිමින් සවාරි යමින් ඉන්නවා ඒගොල්ලොන්ගෙ පවුල් පිටින් නිවාඩු කාලෙ. ඇමතිවරු නෙවෙයි

ප්‍රශ්නය – මුදල් ඇමති බැසිල් මහත්තයාත් ඊයෙ පෙරේදා රට ගියේ ?

බැසිල් මහත්තයාගෙ පවුල ඉන්නෙ එහෙනෙ. ඒ හින්දා මනුස්සයා යන්න එපෑයැ. පවුල බලන්න යන්නෙ නැතුව ඉතින් කවුරු බලන්න යන්නද ?

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...