හංවැල්ලේ වෙඩිතැබීමක්. ව්‍යාපාරිකයකු මරුට !

Date:

හංවැල්ල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල හරස් මාර්ගයේ හෝටලයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු වන අතර ඔහු 48 හැවිරිදි තිදරු පියෙකි.

ඊයේ රාත්‍රී 10.00 ට පමණ යතුරු පැදියකින් දෙදෙනෙකු එම හෝටලයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු හෝටලයේ දොරට තට්ටු කර දුම්වැටියක් ඉල්ලා ඇති අතර ඉන්පසුව යතුරු පැදියෙන් පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කරගෙන හෝටලයට ඇතුළු වී එහි මුදල් කවුන්ටරයේ සිටි හිමිකරුගේ පපුවට වෙඩිපහර 4ක් එල්ල කර පළාගොස් තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කළත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.

හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...