බිත්තර මිල රුපියල් 80 ට නගීද…?

Date:

බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී රුපියල් 80ක් දක්වා ඉහළ යා හැකි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි.

මේ වන විට බිත්තර මිල රුපියල් 50-60 අතර සීමාවේ පවතින්නේ බිත්තර පරිභෝජනය අඩුවීම නිසා බවත් ඉදිරි උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යෑමත් සමඟ මෙම මිල ඉහළ යනු ඇති බවත් ඒ මහතා කීය.

රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුළුව ඊයේ (02) මහනුවර ඕක්රේ හෝටලයේදී පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට බිත්තර නිෂ්පාදකයන් මුහුණපා තිබෙන සත්ව ආහාර මිල ඉහළ යෑම සහ එම ආහාර හිඟවීමේ ගැටලුවට රජය විසඳුමක් ලබාදිය යුතුව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

ළමා මන්දපෝෂණය, පෝෂණ ඌනතා ඇතුළු ගැටලු රැසක් මේ වන විට පැන නැඟී තිබෙන බවත් සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් පමණක් ඒවාට විසඳුම් නොලැබෙන බවත් සභාපතිවරයා පැවසුවේය.

අප ගන්නා අහාර වේලේ සත්ත්ව ප්‍රෝටීන් අඩංගු වීම අත්‍යවශ්‍යය බවත් දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට පමණක් නොව අප සියලු දෙනාට අවශ්‍යය ප්‍රෝටීන්, විටමන් හා ඛනිජ ලැබෙන්නේ කිරි, මස් හා බිත්තරවලින් බවත් කී ඒ මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිරන්තරව කටයුතු කරන්නේ මෙම අවශ්‍යතාව ගැටලුවකින් තොරව මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට බවද අවධාරණය කළේය.

ඒ සඳහා අවශ්‍යය තාක්ෂණික සහාය ලබා දීමටත් බිම්මට්ටමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය නිරන්තරව සූදානම් යැයි ද පියසිරි මහතා පැවසුවේය.

ගැටලු නිරාකරණය කිරීම සඳහා බලධාරීන් සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වමින් පමණක් සිටින බවත් සමාජයේ පවතින ඇත්ත ගැටලුව නිරාකරණය කිරීම සඳහා බිම්මට්ටමට පැමිණ ව්‍යවසායකයන් දිරිමත් කිරීමට ක්‍රියාත්මක විය යුතු බවත් ඒ මහතා කීය.

මෙම අවස්ථාවට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල, රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ, භාණ්ඩාගාරික සමිත් ප්‍රසන්ත කුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රෂිකා හෙන්නායක
2022.12.03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...