දැන් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටිල කියල ලොකු අඳෝනාවක් යනවා. මේ අඳෝනාව ඇත්ත එකක්. මේ කර්මාන්තය වැටිල නිසා, ඉංජිනේරුවන් ඇතුළු ලක්ෂ 8ට වැඩි පිරිසක් ඍජුව රැකියා අහිමි වෙලා. වක්‍ර රැකියා අහිමි වීම මිලියන තුනකට ආසන්නයි. හැබැයි මේකට වගකියන්න ඕන මේ පිරිස් සහ සමාජයමයි.
මට මතකයි හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ඉන්දියාවෙන් දුන්න ඩොලර් බිලියනක ක්‍රෙඩිට්ලයින් එකෙන් මිලියන 300ක් ඉදිකිරීම් කර්මාන්තයට භාණ්ඩ ගේන්න වෙන්කරන කොට බැසිල්ට බැන්න කන්න තියෙන දේවල්වලින් යකඩ ගේනවා කියල. ඔන්න දැන් ප්‍රතිඵලය ඇවිත්.
අනිත් පැත්තෙන් මේ රටේ මාර්ග ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ අංශයත් ඕකට අයත්. ඒකෙන් ජීවත් වෙන ටිපර් හිමියා, රියැදුරු, කම්කරු, මිණුම්කරු හා ඉංජිනේරු දක්වා අද ගෙදර. මට මතකයි ආණ්ඩුවෙම හිටිය Wimal Weerawansha වගේ අය, මෙච්චර අහේනි තියෙද්දි පාරවල් හදන්නෙ ඇයි ඇහුවා. ඒවට විරුද්ධ ව විශාල ජනමතයක් හැදුවා. තාර ගෙනාපු ගණං පෙන්නල හෙණ ඉල්ලුව. ඔන්න විමල් දැන් බලාන්න බැසිල් අයවැයෙන් පාරවල් හදන්න සල්ලි වෙන් කළේ ඇයි කියල.
මේ ආර්ථික පාඩම හරියටම දැනගෙන හිටියෙ බැසිල් විතරයි. මිනිස්සුන්ගෙ සැබෑ ජීවන තතු, ඔවුන්ගේ ජීවන මාර්ග ගැන ඉතාම පැහැදිලි දත්ත ඔහු සතුයි. ඒ නිසයි මේ සියල්ල සමබර කරන, හැමෝම ආර්ථිකයට සම්බන්ධ කරල ඒකෙන් ඔවුන්ගේ ජීවිකාව සරිකරන තුලනය ඔහු කළේ. අද මේව හැකිලිලා, මම හිතන්නෙ ජනාධිපතිතුමාටත් මේවට කරන්න දෙයක් නැ.
අඥාන ණය ඩිෆෝල්ට් කිරීම නිසා සියලු විදේශ ව්‍යාපෘති නැවතිලා. ඒ අතරේ මහබැංකුව අධිපති ඉතිහාසයේ කවරදාකවත් නැති විදියට මුදල් අච්චු ගහල ව්‍යාජ ආර්ථිකයක් පවත්වාගෙන යනවා. රාජ්‍ය වියදම් කිරීම් අවශ්‍ය අංශවලට පොම්ප කරන්නෙ නැතුව මිනිස්සු අතට සල්ලි යන්නෙ නැ.
අද ඩීසල් සලාකය නිසා පෝලිම් නැති බව ඇත්ත. ඒත් බුරුතු පිටිං කර්මාන්ත වැහිල, සේවකයින් එළියෙ. බලශක්තිය කියන්නෙ කර්මාන්තවල පදනම.
මේ සමස්ත පින්තූරය දිහා බලල තීරණ ගන්න නැතුව අපට ඉදිරියට යන්න බැහැ.
~ මහින්ද පතිරණ
RN