ආසියාවේ ඒකාබද්ධ විදුලි වාහන පරිසර පද්ධතියක් සංවර්ධනය කිරීමට බයිඩන් සැරසේ.

Date:

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊයේ දිනයේදී(12) ආසියානු ජාතීන්ගේ සංගම‌යේ (ASEAN) සමුළුව සඳහා සම්බන්ධ විය. මෙහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ සිය පරිපාලනයේ හදවත ඉන්දු-පැසිෆික් සහයෝගිතාවය බවයි.


මෙහිදී ජෝ බයිඩන් ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයක් ගොඩ නැඟීම වෙනුවෙන් සවිබල ලත්, ඒකාබද්ධ (ASEAN) සංවිධානය සමඟ කටයුතු කිරීමට තම පරිපාලනය සූදානම් බවත්, ඔවුන්ගේ සහය ලැබෙන බවත් ප්‍රකාශ කර ඇති අතර ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව සහ ආරක්ෂක හවුල්කාරිත්ව වෙනුවෙන් එක්සත් ජනපදය මැදිහත් වීම මෙහිදී තහවුරු කරගනු ඇත.

මෙහිදී ආරාධිත දේශනයේදී බයිඩන් සමුද්‍රීය සහයෝගීතාව, ඩිජිටල් සම්බන්ධතාව සහ ආර්ථික ආයෝජන පිළිබඳ සලකා බලන බවත්, නව සමුද්‍රීය වසම් ප්‍රයත්නයක් දියත් කිරීමට සූදානම් වන බවත්, සඳහන් කර තිබුණි. එමෙන්ම අග්නිදිග ආසියාවේ ඒකාබද්ධ විදුලි වාහන පරිසර පද්ධතියක් සංවර්ධනය කිරීම, කලාපයට පිරිසිදු බලශක්තිය, ආර්ථික සංවර්ධනය සහ අභිලාෂකාමී විමෝචනය අඩු කිරීමේ ඉලක්ක කරා යාමට හැකි බවද විස්තර කර තිබිණි. මීට අමතරව අඳුරු නැව්ගත කිරීම, නීතිවිරෝධී සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීම මෙන්ම මානුෂික අර්බුදයන් පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණ.


මෙම සමුළුව සඳහා බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල නායකයන් සම්බන්ධ වන අතර ජනාධිපතිවරයා ආසියානු නායකයන් හමුවන්නේ එළැඹෙන සඳුදා දින චීන ජනාධිපති ෂී ජින්පින් හා පැහැත්වීමට නියමිත මුහුණට මුහුණ සාකච්ඡාවට පෙරය.

මෙහිදී ජෝ බයිඩන් බලාපොරොත්තු වනුනේ උපාය මාර්ගික වශයෙන් ආසියානු රටවල සහය එක්සත් ජනපදය වෙත ලබා ගැනීමටයි. උතුරු කොරියවේ අවි අත්හදා බැලීම් පිළිබඳව අද දිනයේ බයිඩන් විසින් ජපානයේ හා දකුණු කොරියානු ජනාධිපතිවරුන් හමුවීමට නියමිතය. ඉන් අනතුරුව හෙට දිනයේදී චීන ජනාධිපති අතර දිවී පාර්ශවීය සාකච්ඡා ඇරඹෙනු ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...