*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අවසන් ඡන්ද විමසීමට පෙර බ්‍රසීලයේ ප්‍රතිවාදීන් ගැටේ.

වත්මන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ වාමාංශික අභියෝගකරු ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඔක්තෝම්බන් 30වන දින පැවැත්වීමට අපේක්ෂිත අවසන් ජනාධිපති ඡන්ද විමසීමට පෙර ඔවුන්ගේ අවසන් රූපවාහිනී විවාදයට මුහුණ දී ඇති බව වාර්තා වේ.

පසුගිය ඡන්ද ප්‍රතිපල වලින් පෙනී යන්නේ දූෂණ චෝදනාවන් මත සිරගත කරන ලද ලූලා කැපී පෙනෙන දේශපාලන පුනරුදයක් ඇති කරමින් ඇති බවයි. ඔහු මුල් වටයේ දී ලබා ගනු ලැබූ ඡන්ද ප්‍රතිශතය 48%කි. ඊට සාපේක්ෂව ජෙයාර් බොල්සොනාරෝ 43% ලබාගත මුත්, විශ්ලේෂකයන් පවසන්නේ හෙට දිනයේ පැවැත්වීමට අපේක්ෂිත මැතිවරණය ඔ්නෑම ආකාරයකින් විසඳිය හැකි බවයි.

ඊයේ පැවැති රූපවාහිනී විවාදයේදී දෙදෙනාම ඔවුන්ගේ චරිතයන්ට හා වාර්තාවන්ට එරෙහිව චෝදනා කරගනු ලැබූ අතර මාස ගණනාවක් තිස්සේ දෙපාර්ශවයේ මඩ ප්‍රචාර, සෘණාත්මක වෙළඳ දැන්වීම් සහ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු ගලායාම ආදිය පිළිබඳ මෙහිදී සාකච්ජා විය.

ලූලා මෙහිදී වත්මන් ජනාධිපති බොල්සනාරෝට චෝදනා ගණනාවක් කළ අතර වසර හතරක කාලයක් පාලනය කළද කිසිදු වැටුප් වැඩි වීමක් සිදු නොවූ බවට ප්‍රකාශ කිරීමත් සමඟ බොල්සනාරෝ අවම වැටුප මසකට ඩොලර් 229 සිට ලබන වසරේ ඩොලර් 265 දක්වා ඉහළ නැංවීමට පොරොන්දු විය. වසංගතයක් හේතුවෙන් බ්‍රසීලියානුවන් 70000 ආසන්න ප්‍රමාණයක් මිය යාම පිළිබඳ බොල්සනාරෝට චෝදනා එල්ල වූ අතර ඔහුගේ දුර්වල පරිපලනය හේතුවෙන් මෙම මනුෂ්‍ය ජීවිත අහිමි වූ බවට ලූලා චෝදනා කරන්නට විය. පෙරළා බොල්සොනාරෝ ලූලාගේ කම්කරු පක්ෂයේ කීර්ති නාමයට කැළැල් වූ දූෂණ වංචා පිළිබඳව හුවා දක්වනු ලැබීය.

ඒ අනුව බ්‍රසීලියානු ජනාධිපතිවරණයේ තීරණාත්මක හෙට දිනය වෙනුවෙන් කාගෙත් අවධානය යොමුව ඇත.

සශිකලා මධුෂාණී_OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan