CID හිටපු අධ්‍යක්ෂ හිරු නාලිකාවට සහ මාධ්‍යවේදී චමුදිතට එරෙහිව නඩු මඟට!

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් හිරු මාධ්‍ය ආයතනය අයත් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පුද්ගලික සමාගමට හා එහි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම යන අයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොණු කර තිබේ. 

රාජකාරීමය වශයෙන් පොලිස් සේවය තුළ කීර්තිනාමයක් දිනා සිටි තමන් වෙත පසුගිය වසරේ ඔක්තෝම්බර් 19 වැනි දින ”පත්තරේ විස්තරේ” රූපවාහිනී වැඩසටහන හරහා අපහාසයක් වන අයුරින් හිරු නාලිකාව සහ විත්තිකර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කටයුතු කර ඇති බවයි. 

එම වැඩසටහනෙන් විකාශය කළ පරිදි ක්‍රියාවක් තමන් විසින් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි ශානි අබේසේකර මහතා සිය පැමිණිල්ල මඟින් පවසන්නේ. 

වැඩිදුරටත් කරුණු දක්වමින් ශානි අබේසේකර මහතා පවසන්නේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වකවානුවේ හෝ වෘත්තීය ජීවිතය තුළ කිසිදු විටක දේශපාලන අතකොළුවක් බවට පත්ව කටයුතු කර නොමැති බවයි. 

සියලු රාජකාරී කටයුතු නිසි ක්‍රියාපටිපාටිය තුළ මෙහෙයවා ඇති අතර තනතුර අවභාවිත කරමින් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව ද්වේශසහගතව නඩු පවරා නොමැති බවත් අබේසේකර මහතා සිය පැමිණිල්ල මඟින් පවසා සිටියි. 

ඒ අනුව තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගතව අපහාසාත්මකව විත්තිකරුවන් කටයුතු කර තිබෙන බව අබේසේකර මහතා අවධාරණය කර සිටියි. 

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකුව සිටි ශානි අබේසේකර මහතා රට කැලඹු අපරාධ ගණනාවක් විසඳීමට සක්‍රීයව විමර්ශන මෙහෙයවා ඇති නිලධාරියෙකි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...