*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බන්ඩාරනායකගේ සහ වාමාංශිකයන්ගේ හවුල් සමාජවාදයේ පශ්චාත් ප්‍රතිවිපාක …

බන්ඩාරනායකගේ හවුල් ආන්ඩුව පිහිටුවන ලද්දේ කොමිනිස්ට් පක්ෂයේ සහ සමසමාජ පක්ෂයේ ප්‍රබල නියෝජනයක්ද සහිතවය. මෙහිදී බන්ඩාරනායකගේ සිංහල බෞද්ධ අධිරාජ්‍ය විරෝධය සහ වමේ අධිරාජ්‍ය විරෝධය සරළමතිකව සමපාතවීම මේ හවුල බිහිවීමට මූලිකවශයෙන් බලපාන්නට ඇත.

බන්ඩාරනායක සහ වාමාංශිකයන් එක්ව පිහිටුවාගන්නා ලද හවුල් ආන්ඩුව සෝවියට් සහ චීන රජයේ ඝෘජු මගපෙන්වීම යටතේ ස්තාපිත වූවකි. කියුබාව ශ්‍රීලංකාව සහ තව තව තැන් තැන්වල තිබූ මේ සමාජවාදී වර්ගයේ රටවල් අනුගමනය කලේ ස්ටලින්වාදී සමාජවාදය පෙන්වාදුන් ආර්ථික මොඩලයයි.

එදා ලංකාව,කියුබාව වැනි කුඩා රාජ්‍යයන්ද සෝවියට් දේශය චිනය වැනි දැවැන්ත රාජ්‍යයන්ද එකම යාවජීව ආර්ථික කුලකයකයකට අයත් රටවල් විය. සිරිමාවෝගෙ කාලවකවානුව තුල වතාවක් ලංකාවට පැමිණි (ජ.වි.පෙ. සදාකල් පරමාදර්ශයවූ) පිදෙල් කස්ත්‍රො සිරිමාවෝ ඇඳවැලඳගෙන ලංකාවෙන් ගියා මිසක ඒවන විට යාපනයේ හැමන්හිල් බන්න්ධානාගාරයේ සිටි විජේවීර බැලීමට තබා ඔහු ගැන විමසා හෝ තිබුනේ නැත.

එදා බන්ඩාරනායක +වාමාංශික හවුල විසින් ලංකාව තුල තිබූ බටහිර සමාගම් පලවාහරිමින් සහ ඒවා රජයට පවරාගනිමින් (ජනසතුව) රාජ්‍ය සුබසාධන වාදය හා රාජ්‍ය ව්‍යවසායකත්වය කියාත්මක කරමින් සහ සංවෘත නිශ්පාදන ආර්ථිකයකට බර තබමින් ඔවුන් ක්‍රියාවට නැංවූයේ ස්ටාලින්වාදී තනිරටේ සමාජවාදයයි.

ඒ වන විට ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව තිබුනේ ඇමරිකානු සමාගමක් සතුවය. ඔවුන් විසින් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ඉදිකරන ලද්දේ දකුණු ආසියාවට තෙල් බෙදාහැරීමට ලංකාව කේන්ද්‍රස්තානය කරගැනීමේ යෝධ ව්‍යාපෘතිය සඳහාය. බන්ඩාරනායක සහ වාම හවුල විසින් ඒ සමාගම ජනසතු කිරීමෙන් පසුව රාජ්‍ය අංශයේ තිබුන සීමාසහිත බව හා සමස්ත දුර්වල කම නිසා ඒ තෙල් ටැංකි කැලේට යන ලදී.

තත්වය තුල ලංකාවට සිදුවූ බරපතලම හානිය නම් ගුවන් යානා සහ නැව් වලට තෙල් හා සේවා සැපයීම වැනි මහා ආදායම් මාර්ග ලංකාව හැරදා සිංගප්පූරුව වැනි රටවල්වලට ඇදී යාමය.

පොදු ප්‍රවාහන සේවයද ඒ වනවිට තිබුනේ පෞත්ගලික අංශය සතුවය. බෙන්ස් බස් රථ විශාල ප්‍රමාණයක් සහිතව බස් රථ දෙසීයකට අධික ප්‍රමානයක් හිමිව තිබූ දේශීය ආයෝජකයින් ඒ වනවිට ලංකාව තුල සිටියේය. පසුව ජනසතුවත් සමඟ බෙන්ස් බස් රථ ඉන්දියන් ටාටා වලට පල්ලම් බැස්සේය.

වාර්තාවෙන අන්දමට මේ නැගී එමින් සිටි දේශය ආයෝජකයින්ද ජනසතුවත් සමඟ රට හැරදා ගොස් ඇත.

ලංකාව තුල ඇත්තේ අවවර්ධිත ධනවාදයක් යැයි පවසන බොහෝ වාමාංශිකයන්ට මග ඇරුන කාරනය නම් වර්ධනය වෙමින් පැවති ධනවාදයට අතර මගදි වල කපලා ඒ ගමනට බාදා කලේ මේ වාම+බන්ඩාරනායක දූපත්වාදය බවම යන වගය.

අවසානයේ මේ ජනසතුවේ එකම ප්‍රතිපලය උනේ රජයට පවරාගත් සියළු කර්මාන්ත දිනපතා පිරිහෙමින් පාඩු ලබන තත්වයට වැටී ඒ කර්මාන්ත නඩත්තු කිරීමට පිටින් මුදල් පොම්ප කල යුතු තත්වයක් ඇතිවීමය.

බලයේ සිටි දේශපාලකයන් තමතමන්ගේ පාක්ෂිකයන්ට සැලකීම සඳහා කලේ මේ ආයාතනවල රැකියා ලබාදී මේ ආයාතන ඕවලෝඩ් කිරීමය. ලංගමයේ එක බස් රථයකට සේවකයන් විශාල පිරිසකගේ වැටුප් ඉපයිය යුතු මට්ටමේ විශාල සේවක අතිරික්තයක් නිර්මාණය වී තිබින.

කෙනෙකුට මෙතෙන්දි කියන්ට පුළුවන් අවුල තිබුනේ ක්‍රියාත්මක කරපු විදිහේ මිසක් ව්‍යාපෘතියේ නෙමේ කියලා. නමුත් ඇත්තටම මෙතන තියෙන්නෙ කළමනාකරණය පිළිබඳ ගැඨළුවක් නොවේ. ඓතිහාසික වශයෙන් යල් පැනපු විකාර ව්‍යාපෘතියක් ගැන ගැටළුවකි.

විශේෂයෙන් වතු ආර්ථිකය එක තැන පල්වෙන්ට ගත්තෙත් සමහරක් වතු කැලේට ගියෙත් සමහර තේ ෆැක්ටරි ගලවලා යකඩවලට විකුනන්ට උනෙත් කම්කරුවන්ගේ සුබසාධනය බින්දුවට වැටිලා වතු නන්නත්තාර වෙන්ට ගත්තේ මේ ජනසතුවෙන් පසුවයි. සුද්දන් අවම වශයෙන් මෑතක් වෙනකම් වත් වතු පාලනය කලේ නම් වතුකම්කරුවන්ට තහඩු ලයිම්වල ගැහි ගැහී තුට්ටුවෙ පඩියකට අපා ජීවිතයක් ගතකරන්ට වෙන්නේ නැත.

ඇත්තෙන්ම ඒ ජනසතු පාලනය බිඳ වැටුනේ ගෝලීය දැවැන්ත ආයෝජන රට තුලට නොපැමිනීම නිසා ඇතිවූ විරැකියාව දෝරෙ ගලාගිය නිසා සහ රට තුල නිර්මාණය වෙමින් තිබූ උග්‍ර විදේශ විනිමය අර්බූදය නිසාය.

රාජ්‍ය අංශයේ දුර්වල  නිමැවුම්වලට අපනයනය තබා අවම වශයෙන් දේශීය අවශ්‍යතා හෝ සැපිරිය නොහැකි මට්ටමේ පැවතින.

මේ යුගයේ තාක්ෂණය යනු ප්‍රාග්ධනයේම කොටසකි.

රටේ ආර්ථිකය සංවෘතව පැවති කාලය තුල  ගොලීය ප්‍රාග්ධනයට වැට බැඳ තිබීම හේතුවෙන් රට තුල තාක්ෂණය ද යාවත්කාලීන නොවීය..

බන්ඩාරනායක +වාම හවුල විසින් ක්‍රියාවට නැංවූයේ ජ.වි.පෙ.ය කැරැල්ලෙන් බලය ඇල්ලීමෙන් පසු ක්‍රියාත්මක කරීමට සිටි ක්‍රියාන්විතයමය. ජ.ව්.පෙ.ට අනුව මෙහි දෝෂය තිබුනේ එය හරියට නොකිරීම සහ බන්ඩාරනායකලා රදළයන් වීමෙත්ය…

ඇත්තටම එහි ගැටළුව තිබුනේ හරියට හෝ වැරදියට කිරීමක් තුල නොව සමස්ත ව්‍යාපෘතියේමය. බන්ඩාරනායකලාගේ පවුල්වාදය මෙහිදී විශෙෂ දුර්වලතාවයක් ලෙස ගිනිය නොහැකිය. මන්ද පිදෙල්ගෙන් පසු රාවුල් මිස රජ්‍ය බලය බාර දීමට කියුබානුවන්ට වෙන කිසිකෙනෙක් සොයා ගැනීමට නොහැකි විය. එසේම ලොව භයානකම පවුල්වාදය ඇත්තේ සමාජවාදී උතුරු කොරියාවේය.

ඇත්තටම ඒ කඩා වැටුනේ හුදු බන්ඩාරනායකගේ ව්‍යාපෘතිය පමණක් නොව ඔවුන් ක්‍රියාවට නැගූ ජාතික සමාජවාදී සමස්ත පිස්සුවමය. එය ක්‍රියාවට නැගූ ලංකාව කියුබාව වැනි සෑම තැනකම ප්‍රතිපලය එකමය. එය පසුව ක්‍රියාවට නැගූ වෙනිසියුලාව වැනි තැන්වල තත්වය ද මෙයටම සමානය …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan