කොරියානු රැකියා අපේක්ෂිතයින්ගේ කල් ඉකුත්වන CCVI දීර්ඝ කිරීමට එකඟතාවක්

Date:

කොරියානු රැකියා සදහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රමිකයින්ගේ වීසා නිකුත් කිරීමට අදාළ වූ අනුකූලතා සහතිකය ( CCVI – Certificate of Conformation Visa Issue) කල් ඉකුත්වීම සම්බන්ධයෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා සමඟ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර සාකච්ජාවක් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වී තිබේ.

ඒ අනුව කල් ඉකුත්වන CCVI (වීසා නිකුත් කිරීමට අදාළ වූ අනුකූලතා සහතිකය) නැවත දීර්ඝ කරන ලෙස මෙහි දී අමාත්‍යවරයා කොරියානු මානව සම්පත් අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කර ති‌බෙන අතර එයට යහපත් ප්‍රතිචාරයක් ලෙස කල් ඉකුත්වන CCVI මාස හයකින් දීර්ඝ කිරිමට ඒකඟතාවය පළ වී ඇත.

පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදය නිසා කොරියානු වීසා ලබාගැනීම ප්‍රමාද වීම ගැනත් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර තිබේ.

පසුගිය දිනවලදී කොරියානු රැකියා සඳහා පිටත් කිරීමේ යම් අඩුවක් ඇතිවීම පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු කළ අතර කොරියානු නැව් නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉල්ලීම අනුව එම ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීම, එම අඩුවට හේතු වූ බව කොරියානු අධ්‍යක්ෂවරයා මෙහි දී දැනුම් දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...