පැතුම්ටත් කොවිඩ් – ඔෂධට යළිත් අවස්ථාව

Date:

දෙවැනි ටෙස්ට් තරගය අතරතුර ඊයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ වනවිට හුදෙකලාව පසුවන ඔහු අද පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතව තිබිණි.

පැතුම් වෙනුවට ඔෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් පළමු තරගයේදීද ඔෂධට අවස්ථාව හිමි වූ අතර ඒ අනුව පිට පිට දෙවැනි වරටත් ඔහුට දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකා පිළ මේ වනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 440 ක් ලබාගෙන ඔස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 76 ක් ඉදිරියෙන් සිටී. අද තරගෙය් සිව්වැනි දිනයයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් බාලිහි ගුවන් ගමන් ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස්...

Volker Turk ලඟදීම දිවයිනට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : තෙදින නිල සංචාරයක්...