*
Friday, October 18, 2024
spot_img

Latest Posts

කැළණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට. කුඩා දරුවෙකුට සහ කාන්තාවකටත් තුවාල !

කැළණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ ඊයේ (26) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තාවක් සහ කුඩා දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

ඔහු සිය බිරිඳ සහ දෙහැවිරිදි කුඩා දරුවා ද සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

එම වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ දෙහැවිරිදි දරුවා ද තුවාල ලබා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර මාර්ගයේ ගමන් කළ කාන්තාවක් ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පොලිසිය පවසන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan