රනිල් ප්‍රශ්න රැසක් විසඳලා ඉවරයි. ඉතිරි ටිකත් විසඳන කල් ඉවසන් ඉන්න – වජිර

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් රටේ දැවෙන ප්‍රශ්න රාශියකට සාර්ථකව විසඳුම් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට ද මේ වනවිට සාර්ථක විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබී ඇති බවයි අබේවර්ධන මහතා සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමටත් මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බව පැවසූ ඒ මහතා එම කටයුතු සාර්ථක වෙනතෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙලට සහාය දැක්විය යුතු බව පැවසූ වජිර අබේවර්ධන මහතා ඒ අනුව කලබල නොකර ඉවසීමෙන් ජනතාව සිටියහොත් ඉක්මනින්ම ඉතිරි ප්‍රශ්නත් විසඳාගැනීමට හැකිවන බවත් පැවසීය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...