ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුවිධ සත්‍යයන් පවතීය යන්න පිළිගැනීමයි !

Date:

කළණ ගුණසේකර නැමති නළුවා විසින් කරන ලද ප්‍රකාශ කීපයක් සම්බන්දව ඔහුව වටකරගෙන අසැබි වාක්‍යාංශ වලින් පහරදෙනු මුහුණු පොත පුරා දුටුවෙමි. මේ අසැබි ප්‍රහාරවල නියැලෙන්නේ වාම හා වාම ව්‍යාපාර සමඟ ගනුදෙනු කරන අයවළුන් විසින් බවද පෙනිනි.

ලංකාවේ වාමාංශික බලවේගවල ඇති අන්ත නොදියුණු ලක්ෂනය නම් ඔවුන්ට මාක්ස්වාදය තබා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ පළල් දැක්මක් නැතිකමයි.

ඔවුන් ඔවුන්ගේ නායකයන්ගේ මුවින් පිටවනදේ පමණක් බණ පද හා සොලෝක සේ ඔහේ කියවයි.

මෙයට හේතුව තමන්ගේ නායකයන්ගේ මුවින් ප්‍රකාශ කෙරෙන මතය යනු පරම සත්‍ය වන්නේය, ඊට පිටත හා ඊට පටහැනිව පවතින සියළු මත සතුරු අදහස් වන්නේය යන ආගම්වාදී චින්තනයයි. ෆැසිස්ට්වාදයේ සහ මූලධර්මවාදයේ ආකෘතියද මෙයමය. (ශුද්ද වාක්‍යය, ශුද්ධ යුද්ධ)

කළණටද, නතාෂාටද, මියගිය සිවරාම්ටද, විජේකුමාරතුංගටද්, මියගිය එක්නැලිගොඩටද, ටිල්වින් සහෝදරයාටද, කුමාර් ගුණරත්නම් සගයාටද භාෂණයේ හා ප්‍රකාශනයේ සමාන අයිතියක් ඇත්තේය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...