මැතිවරණ ගැන ජනපතිගේ කතාවට විපක්ෂ නායක සජිත්ගෙන් අභියෝගයක් (VIDEO)

Date:

මැතිවරණ ගැන ජනතාවට විශ්වාසයක් නැතැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් ඔහුගේ පක්ෂය තනි ආසනයකට බැස්සවූ නායකයෙකුගෙන් එවැනි ප්‍රකාශයක් නිකුත් වීම ගැන තමන් පුදුම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණයක් පැවැත්වුවහොත් ඔහුට අත්වන ඉරණම පිළිබඳව ඔහු හොඳාකාරව දන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ තිබෙන දේශපාලන පක්ෂ වලට රටේ බලයෙන් 50% ක් වත් නැතැයි ජනාධිපතිවරයා පවසන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය. එහි සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නම් වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා නොවලහා කළ යුත්තේ එය බවද අවධාරණය කළේය.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් මේ වසරේ ම පවත්වන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන සඳහා සමගි ජන බලවේගය සහාය සහාය ලබාදෙන බව ද පැවසීය.

රටේ නීතිඥවරු ගෙන්වා ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වා ඉන් අනතුරුව මැතිවරණ අනවශ්‍ය බවට ඔවුන්ට දේශන පැවැත්වීම පිළිබදව අප්‍රසාදය පළ කළ විපක්ෂ නායකවරයා මේ කුමන්ත්‍රණය වහා නතර කළ යුතු බවද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “උදාවක ඇරඹුම” වැඩසටහන ඊයේ (04) පැවැත්වුණේ උද්දකන්දර සදානීලගම ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සහ සොයා බැලීම එහිදී සිදුකෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...