ශ්‍රී ලංකාව තුළ ආහාර සම්බන්ධ ප්‍රචාරණය, නව නීති රෙගුලාසි මගින් දැඩි නියාමනයකට ලක් කිරීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ , ශ්‍රී ලංකාව තුළ ආහාර සම්බන්ධ ප්‍රචාරණය, නව නීති රෙගුලාසි මගින් දැඩි නියාමනයකට ලක් කිරීමට නියමිතව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ආහාර පනත යටතේ පැවති ආහාර ලේබල් කිරීමේ හා ප්‍රචාරණය කිරීමේ නියෝග මගින් ආවරණය වී තිබුණේ ආහාර නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදන සම්බන්ධයෙන් සකස් කරන ලේබල් ආශ්‍රිත කරුණු වනවා.

නමුත් ,  නව රෙගුලාසි අනුව තෙවන පාර්ශ්වයක් හරහා සිදු කරන ප්‍රචාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර ඇති බව සඳහන් වේ.

වෙළෙඳ ප්‍රචාරණය නියාමනය අරමුණු කරගෙන ආහාර පනත යටතේ සකස් කළ රෙගුලාසි රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ දක්වා ඇති අතර , අදාළ රෙගුලාසි ඉදිරි මාස 6 තුළ බලාත්මක කිරීම සිදුවනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...