*
Friday, May 9, 2025
spot_img

Latest Posts

ගෝලීය උණුසුම ඉහළ යාම සාගර ජීවීන්ට බලපෑම් කරන අයුරු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දිනෙන් දින අසීමිත ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම නිසා  මුහුදු මත්ස්‍යයින්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව පර්යේෂකයන් පෙන්වා දෙන අතර එම හේතුව නිසා සාගර ජීවින් උතුරු හා දක්ෂිණ ධ්‍රැවවලට ආසන්න සීතල ජලය දෙසට ගමන් කරන බවයි සාගර මත දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ.

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, සාගරය උණුසුම් වීම නිසා සාගර මත්ස්‍ය ගහනය ශිත ධ්‍රැව දෙසට මාරු වෙමින් හෝ ගැඹුරු ජලය වෙත ගමන් කරන බවයි.

මත්ස්‍යයින් වැනි සාගර ජීවීන් සඳහා, අවට ජලයේ උෂ්ණත්වය, ඔවුන්ගේ වර්ධනය සහ ප්‍රජනනය වැනි තීරණාත්මක ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑමක් එල්ල කරන බවත් , සාගර සත්ත්ව විශේෂවලට බොහෝ විට ජීවත්විය හැකි උෂ්ණත්ව පරාසයක් ඇති අතර එමඟින් ජලයේ කුඩා වෙනස්කම් පවා දරාගත නොහැකි බවයි මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත්තේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇති වන සාගර ජීවීන්ගේ වෙනස්වීම් ගොඩබිමේ සත්ව ප්‍රතිචාරයට වඩා හත් ගුණයකින් වේගවත් වී තිබෙනවා.

Global Change Biology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් සියලුම ප්‍රධාන සාගර කලාපවල විහිදී ඇති සාගර සත්ත්වවිශේෂ 115ක් පිළිබඳ දත්ත විමර්ශනය කර තිබෙනවා.

සාගර සත්ත්ව විශේෂයන් ශීත ධ්‍රැව දෙසට ගමන් කිරීම නිසා පරිසර පද්ධතියේ වෙනසක් සිදුවන අතර එය සැලකිය යුතු තත්ත්වයක් බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan