වනගත වෙන්න කියලම කිව්ව නං ඔයිට වඩා ලේසි නැද්ද ඇමතිතුමා !

Date:

රක්ෂිත වනාන්තරවල හටගන්නා කොස් හා දෙල් ඵලදාව නෙලා ගැනීම සඳහා රක්ෂිත ආසන්නයේ සිටින ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර නිකුත් කරන ලෙසයි ඔහු දැනුම් දී තිබෙන්නේ.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ රටපුරා පිහිටා ඇති අතර එම ඉඩම්වල කොස්, දෙල් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අපතේ යන බව වන සංරක්ෂණ නිළධාරීන් ඇමතිවරයාට පෙන්වා දී තිබෙනවා.

වනාන්තරවල වැවෙන කොස්, දෙල් ඵලදාව භාවිතා කිරීමෙන් රට මුහුණ දී සිටින ආහාර අර්බුදයට යම් හෝ විසඳුමක් වනු ඇති බව මහින්ද අමරවීර මහතා පවසනවා.

රටේ ජනතාව මුහුණ දී සිටින දැවැන්ත ආහාර අර්බුදයට මෙවැනි විසඳුම් යෝජනා කරන්නේ රටේ කෘෂිකර්ම ඇමතිවරයායි. මීට පෙර ඔහු පවසා තිබුණේ ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මඤ්ඤොක්කා දණ්ඩක් හෝ බතල වැලක් හෝ සිටුවීමට ජනතාව කටයුතු කළයුතු බවයි.

රසායනික පොහොර එකවරම තහනම් කර මෙම අර්බුදය නිර්මාණය කළේද මහින්ද අමරවීර මහතාද නියෝජනය කළ කැබිනට් මණ්ඩලය විසිනි. එවැනි අදූරදර්ශී තීරණවලට පැමිණ රටේ ජනතාව කුසගින්නේ සිටින තත්වයට පත්කළ ඇමතිවරුන්ම අද ආහාර අර්බුදයට විසඳුම් සොයා ගන්නැයි ජනතාවටම යෝජනා කරමින් සිටී.

ඇමතිතුමනි, වනගත වී අලයක් කොලයක් ආහාරයට ගෙන කෙසේ හෝ ජීවිතය ගැටගසා ගන්නැයි ජනතාවට එකවරම යෝජනා කිරීම මීට වඩා පහසු නොවේද ?

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රිසා සරුක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...