විකාශන අධිකාරී පනතින් මාධ්‍ය මර්දනයට සූදානම් – තවත් ඒකාධිපති ගමනක ආරම්භය?

0
233

කොළඹ (LNW): විකාශන අධිකාරී පනත මගින් තමන්ට ඕනෑ විදිහට මාධ්‍ය හීලෑ කර⁣ගෙන තමන්ට විරුද්ධ වෙන මාධ්‍ය දඬුකඳේ ගහන්න සූදානම් වන බව පෙනෙන්නට ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (31) දින කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

“මේක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ත්‍රස්ත විරෝධී පනත හරහා කරගන්න බැරිවුණු සමහර දේවල් මේ පනත මගින් කරගන්න උත්සාහ කරන බව තමයි මෙයින් පෙනෙන්නේ. මේක තවත් ඒකාධිපති ගමනක ආරම්භය විය හැකියි. මේ නිසා, මෙවැනි මාධ්‍ය මර්දනයකට ඉඩදිය නොහැකියි. එය ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන්නේ නෑ.”