යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව සොයා බැලෙයි

Date:

යුද හමුදා තාක්‍ෂණය සහ තාක්‍ෂණික ප්‍රවීණතාවයන් සමඟින් හමුදා අවශ්‍යතා සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරමින් රටට වටිනා විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට යුද හමුදාව විසින් දක්වන ඉහල කාර්යභාරය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අගය කළේය.

යුද හමුදා යුධෝපකරණ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, නව පතොරම් වර්ග නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (මැයි 30) යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

ඊයේ පෙරවරුවේ වේයන්ගොඩ පිහිටි යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා යුධෝපකරණ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ විසින් පිළිගනු ලැබීය.

යුද හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ආනන්ද ජයරත්න සහ කර්නල් සේනාවිධායකවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරයා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අංශයට ගොස් එහි මෙහෙයුම් සහ නිෂ්පාදන පිළිබඳව දැනුවත් වන ලදි.

යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජීඒ මුණසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්ඒඩබ්ලිව්කේ පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...