සති දෙකකට මත්පැන් අලෙවිසැල් වැසෙන ප්‍රදේශය

0
868

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් දින 16ක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජුනි 19 වනදා සිට ජුලි 04 වනදා දක්වා මෙසේ එම ප්‍රදේශයේ සුරාසැල් වසා තැබෙනු ඇත.

එසේම එම උත්සව සමය තුළ උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත්කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා අතර පිටත සිට කතරගම දේවාලයේ ඇසළ උත්සවයට පැමිණෙන බැතිමතුන්ට පිටතින් මත්පැන් රැගෙන පැමිණීම ද සම්පූර්ණයෙන් ම තහනම් කර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

RN