*
Friday, October 4, 2024
spot_img

Latest Posts

විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමංසිංහ මහතාගේ වැඩපිළිවෙළ අනුව එය ක්‍රියාවට නැංවීමට නියමිත අතර ,  දිවයිනේ ඕනෑම පළාතක පදිංචි පුද්ගලයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින 3ක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනිමට හැකියාව පවතින බව ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේය.ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන ලද වැඩසටහනකට එක් වෙමින් ඉලුක්පිටිය මහතා මේ පිළිබඳ පැවසුවේ.

www.immigration.gov.lk යන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි අතර අනතුරුව ළඟම ප්‍රාදේශීය කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසු මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදුකළ හැකි බව සඳහන් වන අතර , ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබා ගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර ඇත .

තවද , මෙම කටයතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කුරියර් සේවාවක්ද හඳුන්වා දී ඇති බවත, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නීතිවිරෝධී ආකාරයට තැරැව්කරුවන් මැදිහත් වන බවට මාධ්‍ය මඟින් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍යවරයා එම කටයුතු වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද උපදෙස් ලබා දී ඇත.

එසේම  තම දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙළක් මේ වන විටත් සකස්කර ඇති බව පැවසූ ඉලුක්පිටිය මහතා  එය ජුනි  මාසයේදී ක්‍රියාවට නංවන බව පැවසීය .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan