*
Friday, October 4, 2024
spot_img

Latest Posts

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන අතර  යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දමා ඇත.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇති අතර සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ලීටර 08ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ නංවා ඇත .

ලීටර 30ක්ව පැවැති මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දමා ඇති අතර වෑන් රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර 30 සිට ලීටර 40 දක්වා ඉහළ දමා ඇත.

ලීටර 60ක්ව පැවැති බස් රථ සඳහා ඉන්ධන කෝටාව ද අද මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 125 දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දැමෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙයි.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan