උගන්ඩාවේ සමරිසි භීෂණය! සමරිසි නම් මරණ වරෙන්තුව?

Date:

මෙලොව දරුණුතම සමරිසි විරෝධී නීතියක් බලාත්මක කිරීමට උගන්ඩාවේ ජනාධිපති Yoweri Museveni කටයුතු කර ඇති බව වාර්තා වේ.

“උග්‍ර සමරිසිභාවය” (aggravated homosexuality) යැයි හඳුන්වන දෙයකට මරණ දණ්ඩනය නියම කරන මෙම නීතිය හරහා සමරිසි ලිංගික ක්‍රියා හරහා එච්අයිවී වැනි නිදන්ගත තත්ත්ව ව්‍යාප්ත කරන්නන්ට ද එම දඬුවම ම නියම කරන අතර, සමරිසිභාවය ප්‍රවර්ධනය කරන්නන්ට එරෙහිව වසර 20 ක සිර දඬුවමක් නියම කර තිබේ.

මෙය මෙතෙක් රටක් විසින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිනව හඳුන්වා දුන් බිහිසුණුම නීතියක් බව ලොව වටා ක්‍රියාකාරීහු සිය ශෝකය හා කැළඹීම ප්‍රකාශ කරමින් අවධාරණය කරති.

එපමණක් නොව උගන්ඩාවේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය හරහා එරටට බටහිර රටවල්වලින් ලැබෙන පරිත්‍යාග අවදානමේ හෙළනු ඇති බවත්, බටහිර රටවල් වලින් පනවන සම්බාධක ඉහළ යෑමේ අවදානමක් ඇති කරනු ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

දැනටමත් උගන්ඩාව ඇතුළු අප්‍රිකානු කලාපයේ රටවල් 30 කට අධික සංඛ්‍යාවක සමරිසි ක්‍රියා නීතිවිරෝධී ය. එහෙත් උගන්ඩාවේ ජනාධිපතිවරයා විසින් බලාත්මක කළ මෙම නීතිය ඔස්සේ එය තවත් බිහිසුණු මාවතකට ඇද දමන බව පැහැදිලිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...