මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට එරෙහිව විපක්ෂ මන්ත්‍රී යෝජනාවක් කථානායකට!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී නීති විරෝධී අයුරින් රු.කෝටි හතකට අධික රත්‍රං සහ නවීන ජංගම දුරකථන රට තුළට ගෙන ඒමට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහි විපක්ෂයේ මන්ත්‍රී යෝජනාවක් අද (25) කථානායකවරයා වෙත භාර දී තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන බලපත්‍රය ද අවභාවිතා කර තිබෙන බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

එම ක්‍රියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහය සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් බවයි එහි දක්වා ඇත්තේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රේගුව විසින් අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා වෙත රු.ලක්ෂ 75ක දඩයක් නියම කර එම භාණ්ඩ රාජසන්තක කර තිබුණද පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී සිදුකර තිබෙන නීති විරෝධී ක්‍රියාවට එරෙහිව පාර්ලිමේන්තුව ලෙස දැඩි ක්‍රියාමර්ග ගත යුතුව ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරු සිය මන්ත්‍රී යෝජනාව මඟින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...