අද එජාප ආර්ථික ප්‍රතිපත්තියට පොහොට්ටුවේ අයත් කැමත්ත පළ කර සහාය ලබා දී තිබෙනවා – ජනපති

Date:

අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයිනුත් කැමැත්ත පළකර, අවශ්‍ය සහයෝගය ලබාදී ඇති බවත් රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඒ සහයෝගය ඉතාම වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියා ප්‍රකාශ කිරීමෙන් පසුව කිසිදු ආයෝජකයෙක් මෙරටට පැමිණියේ නැහැ. හිටපු ආයෝජකයන් රටින් ගියා. එවැනි පරිසරයක් තුළ විදේශ ආයෝජකයින් ලංකාව ට ආධාර උපකාර ලබාදීමට උනන්දු වෙන්නේ නැහැ.එවැනි තත්ත්වයක් තුළ මම රට භාර අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මොකද සිංහල වුණත් දෙමළ වුණත් මිනිස්සු හිඟන්නෝ විදියට ජීවත් වෙන්න කැමැති නැහැ. ඔවුන් කැමැති නම්බුකාර ලෙස අභිමානයෙන් ජීවත් වීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අසීරු කොන්දේසි පනවා තිබුණා. නමුත් අපට වෙන විකල්ප තිබුණෙ නැහැ. මීට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දි මෙවැනිම කොන්දේසි ඉදිරිපත් කෙරුණා. එහිදී පසුගිය එක් ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙණුවලින් ඉවත් වුණා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් එම වැඩපිළිවෙල නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට ගෙන යමින් සිටිනවා.

එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා.

අද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියට පොදුජන පෙරමුණේ අයත් කැමත්ත පළ කර අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. මේ රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් එම සහයෝගය ඉතා වැදගත්. බංකොලොත් භාවයෙන් මිදී නම්බුකාර රටක් ගොඩ නැගීමට අපි සියලු දෙනාම එක්වී කැපවීමෙන් කටයුතු කළ යුතුයි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරණායක ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (20) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...