ජනතාවගේ මූලික අයිතීන් පවා උල්ලංඝනය කරන මේ ආණ්ඩුව එක්ක අපේ සම්බන්ධයක් නෑ – සජිත්

Date:

භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් සනාථ කර ඇති බවක් ඊට අමතරව සාමකාමීව උද්ඝෝෂණය කිරීම නිදහස පවා රට තුළ තහවුරු කර ඇති අවස්ථාවක මේ රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන තත්ත්වයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය රජය අහෝසි කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා කැලනිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා බැලීමට රාගම රෝහලට ඊයේ (19) පැමිණි අවස්ථාවේදී ය.

මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතින් පවා මේ ආණ්ඩුව උල්ලංඝනය කරන බවත් එවැනි ආණ්ඩුව සමග කිසිදිනක තමාට හෝ ජනතාවට හිතැති තම පක්ෂයේ කාටවත් සම්බන්ධයක් නොමැති බවත් කිසිදින මේ ජනතා විරෝධී ආණ්ඩුව සමග එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...