හැරීගේ බල්ටිය පිටිපස්සේ කිරි සහ වී ?

Date:

ඊයේ පෙරේදා දවසක හැරී කෙනෙක් ලොක්කාගෙ පැත්තට බල්ටියක් ගැහුවානේ … පොර බල්ටිය ගහපු දා ඉඳන් මාධ්‍ය සාකච්ඡා තිය තියා සෑහෙන්න හයිලයිට් වෙන්නත් දඟළනවා. මීඩියා මෑන්ස්ලා ටික්කුත් පොරගෙ බයිලා කරේ තියන් දුවන්න සෙට් වෙලා ඉන්නවා කියලාත් පේනවා.

ගිය පාර කතිර ගැහිල්ලෙන් පැරදිලා ගෙදරට වෙලා ඉඳපු පොරට හදිසියේම ලොක්කාගෙ හොඳකම මතක් වෙලා ‘සත්‍ය අවබෝධ වෙලා’ තියෙන්නේ පරණ කේස් වගයක් පත්තු වේගෙන යන නිසා කියලා ආරංචියි.

වී විකුණන මණ්ඩලයක් පැත්තෙන් පත්තු වෙලා තියෙන සීන් බරපතළයි ලු. පොරගෙ ලෝක ප්‍රසිද්ධ කිරි හරක් කේස් එකත් සෙල්ලම් නැහැ ලු. යහපාලනයක් කොරන්න ගිය ආණ්ඩුවේ හිටපු කඳ පණු ඩයල් අතරින් හැරීත් එක්කෙනෙක් තමා බලන් ගියාම.

කොහොමත් මේ දවස්වල වැඩියෙන්ම ලොක්කාගෙ ගුණ කියාගෙන ඕනෑවට වඩා නටන ඩයල් සැලකිය යුතු කොටසක් ඔහොම තමා ඉතින් …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...