ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන අතර , ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය හැකි ඉක්මනින් රෝගී ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නැයි තමන් ඊයේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් , ඒ අනුව ඖෂධ මිල 10% – 15% ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බවත් , ඔහු පැවසීය.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් අද (17) රැස්වීමට නියමිත අතර ,ඩොලරය අවප්‍රමාණය වීමේ දත්ත විශේලේෂණය කර කඩිනමින් අමාත්‍යවරයා වෙත ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් ලබා දෙන බව ද ඖෂධ මිල පාලන ඒකකය ප්‍රකාශ කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලි ගැටළුවට විසඳුමක්!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව...

දුම්රිය රියදුරන් දින දෙකක සංකේත වැඩවර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:දුම්රිය රියදුරන් මුහුණ දී සිටින පරිපාලන ගැටළු සහ...

මාරක රිය අනතුරක්!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : අද උදෑසන (27)...

දකුණු කොරියාව සමඟ කිසිදු සංවාදයකට සුදානම් නොමැති බව උතුරු කොරියාව කියයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාව සමඟ...