*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අත්‍යාවශ්‍ය  කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන අතර සභාපති, උපුල් රෝහණ මහතා අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ, තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම සිදුකළ යුතු බවය.

“බිම්මට්ටමේ යම් වෛරස රෝගී තත්ත්ව වගේම කොවිඩ් -19 යැයි සැකසිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තියෙනවා. පාසල් තුළ හා ආයතන තුළ වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තියෙනවා. ඒ නිසා අපි මහජනතාව විදියට වගකීමෙන් මේ මොහොතේ වැඩකළ යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් -19 පාලනයට අදාළව අපි කලින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස්, විශේෂයෙන්ම දෑත් පිරිසිදුව තබාගැනීම, ස්වසන පද්ධතියේ ස්වස්තතාවය පවත්වාගැනීම වැනි කටයුතු ඉතාම වැදගත්. විශේෂයෙන් මහජනතාව වැඩිය එක් වන ස්ථානවල ගැවසීමෙන් තොරවීම හා නැවත වරක් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරගන්න එක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමට වගේම ජීවිතය ආරක්ෂා කරගැනීමට ඉවහල් වෙනවා.

‌මේ පවතින තත්ත්වය කොවිඩ් -19 ආසාදනයක් ද ? එවැනි වසංගත තත්ත්වයක් පැතිර ගිහින් යම් හෙයකින් යම් ව්‍යවසනයක් සිදුකරයි ද ? අවබෝධ කරගැනීම සඳහා බිම් මට්ටමේ රෝගීන් තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සිද්ධ වෙන්නේ නෑ. විශේෂයෙන් රෝහල් ගතවන රෝගීන් සහ මියයන රෝගීන්ගේ පමණයි මෙම ආසාදන තත්ත්වය තහවුරු කරන්නේ. ඒ නිසා අපිට යම් සැකයක් උපදිනවා බිම් මට්ටමේ කොවිඩ් -19 රෝගය යම් මට්ටමකට පැතිර යමින් තියනවා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කලින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස් සියල්ල දැඩිව පිළිපැදීම ඉතාම වැදගත් වෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan