පාස්ටර් ජෙරම්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනයක්

Date:

ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා විසින් ආගමික සංහිඳියාවට හානිවන අයුරින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවයි අදාළ නියෝගය නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වූ අතර එයින් බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිග්‍රහයක් සිදුව ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...